Gossip

ශබ්බු නිසා වෙනස් වුණ නිම්මිගේ ජීවිතය

 

රාම් ගෝපාල් වර්මාගේ අලුත්ම චිත්‍රපටිය තිරගත වෙන්නේ මේ මාසේ 12 වෙනිදා. චිත්‍රපටියේ නම තමයි “භූත්” කියන්නේ. නමෙන්ම තේරෙනවානේ මොන වගේ චිත්‍රපටියක් ද කියලා.

තරුන්, නම්රතා දෙන්නා ලාභෙට තියෙන ගෙයක් හොයා ගන්නවා කුළියට ගන්න. එතනදී අවුරුදු 10 ක් වෙන තමනුයි අවුරුදු 6 ක් වුණ නිම්මියි කියන මේ අයගේ ළමයි දෙන්නා හිතුවට වඩා හරි ඉක්මණට ඒ පරිසරයට හැඩගැහෙනවා. තමන් වීඩියෝ ගේම් සෙල්ලම් කරද්දී නිම්මි කරන්නේ අලුත් ගෙදර හැමදේම හොයන එක. පුංචි ළමයින්ට ඉතින් අලුතෙන් මොනවා හරි දෙයක් හම්බවුණාම වෙන දේ අහන්න ඕන නෑනේ.

ඒ අතරදී තමයි නිම්මිට පුංචි බෝනික්කෙක් හම්බවෙන්නේ. නිම්මි බෝනික්කට නම තියනවා “ශබ්බු” කියලා. ඒත් එක්කම නිම්මිගේ කෙළිලොල් ජීවිතය තනිකරම වෙනස් වෙනවා.

මේක මුලින්ම තේරුම්ගන්නේ තරුන්ගේ නංගි පූජා. ඒ කියන්නේ නිම්මිගේ පුංචිඅම්මා. නිම්මි ටිකෙන් ටික වෙනස් වෙන්න ගන්නේ එයාගේ අලුත් යාළුවා “ශබ්බු” එක්කයි. මේ කතාව වටා ‍තමයි රාම් ගෝපාල්ගේ “භූත්” ගෙතිලා තියෙන්නේ.

චිත්‍රපටිය නිෂ්පාදනය ජිතේන්ද්‍ර ජේන්ගෙන්. මනීෂා කොයිරාල, අලයිනා, මධුෂලිනි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත විදිහට රඟපානවා. කතාව ලියලා තියෙන්නේ රවී ශංකර්.

ආදර කතා ගොඩක් මැද්දේ තිරගත වෙන්න තියෙන මේ හොල්මන් කතාවට තැනක් ලැබෙයි කියලයි විචාරකයින්නම් කියන්නේ. ඒක මොන විදිහට වෙයිද කියලා කියන්න වෙන්නේ චිත්‍රපටිය තිරගත වුණාට පස්සෙම තමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!