Gossip

වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුලුවූ අයිආර්සීකාරයෙක් සේවකයා ගැටගසා මහදවල් හෙද සහයිකාවකට කළ දේ

රෝගියෙකු මෙන් වෙස්ගත් පුද්ගලයෙක් හෙද සහයිකාවකට ලිංගික අතවර කිරීමට තැත්කර පසුව ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ ඩෙන්ඩනය කොල්ලකා පළාගොස් තිබෙනවා.

කැස්බෑව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී මෙය සිදුවී තිබුණා.

එහිදී අදාළ සැකකරු වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටි වයෝවෘද්ධ සේවකයෙකුගේ අත්පා බැඳ දමා මෙම කොල්ලකෑම සිදුකර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලීසිය සිදුකළ විමර්ශනවලට අනුව “ගෝනපොළ සුදු” නමැති 29 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගත්තා.

සැකකරු එලෙස කොල්ලකා තිබූ රන් මාලය සහ පෙන්ඩනය පිළියන්දල පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස්කර තිබියදී සොයා ගත්තා.

එහිදී සැකකරු ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන පුද්ගලයකු ලෙස වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ වෛද්‍යවරයා හමුවීමට හෙද සහයිකාවගෙන් අංකයක් ඉල්ලා තිබුණා.

හෙද සහයිකාව පවසා ඇත්තේ අංක ලබාදෙන්නේ සවස 3න් පසුව බවයි.

පසුව සැකකරු පිටවගොස් විනාඩි කිහිපයකින් යළිත් පැමිණ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉහළ මහලයට ගොස් තිබෙනවා.

එහි සිටි වයෝවෘද්ධ සේවකයාට උල් පිහියක් පෙන්වා බියගන්වා කාමරයකට ඇඳගෙන ගොස් අත්පා ගෙටගසා ඔහු සතුව තිබූ යතුරුකැරැල්ල උදුරාගෙන තිබෙනවා.

අනතුරුව සැකකරු යතුරුකැරැල්ල හෙද සහයිකාවට ලබාදී එය උඩු මහලට රැගෙන එන්නැයි සේවකයා පැවසූ බව ඇයට පවසා ඇති බව පොලීසිය පැවසුවා.

පසුව ඇය පසුපසින් පැමිණ ඇති සැකකරු උඩු මහලේදී ඇයව අල්ලාගෙන උල් පිහිය පෙන්වා බියගන්වා තිබුණා.

පසුව ඇයට ලිංගික අතවර කිරීමට සැකකරු උත්සාහ කර තිබෙනවා.

එය වැළැක්වීමට ඇය කොල්ලකරු සමග පොරබදා තිබුණා.

එහිදී සැකකරු ඇයව කාමරයේ ඇඳක් මතට තල්ලුකර ලිංගික අතවර කිරීමට තැත් කිරීමේදී අත්පා ගැට ගසා සිටි පුද්ගලයා, “පුතේ ඔය මාලය ගලවා දෙන්න” යැයි පවසා තිබුණා.

එවිට හෙද සහායිකාව මාලය ගලවා සැකකරුගේ අතට විසිකර ඇති අතර එහිදී සැකකරු එය රැගෙන පළාගොස් තිබෙනවා.

රන් මාලය කොල්ලකෑමෙන් අනතුරුව සැකකරු වෛද්‍ය මධ්‍යස්ථානය පිටුපස මාර්ගයට ගොස් ගෝනමඩිත්ත ප්‍රදේශයේදී ඉදිරියට පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථයක් නතරකර රන් භාණ්ඩ උකස් ගන්නා මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබුණා.

රන් භාණ්ඩය උකස් කර රුපියල් 60,000ක් ලබාගෙන ඇති සැකකරු එම ත්‍රීරෝද රථයෙන්ම ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයට පැමිණ තිබුණා.

පොලීසිය සඳහන් කළේ සැකකරු බඩෝවිට ප්‍රදේශයෙන් රුපියල් 40,000ක මත්කුඩු මිලදී ගත් බවට ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවයි.

මේ කිසිවක් නොදත් ත්‍රීරෝද රථ රියදුරු නැවත නිවසට පැමිණෙන විට තම දියණියගේ රන් මාලය කොල්ලකා ඇති බවට දැනගෙන තිබුණා. තම ත්‍රීරෝද රථයේ ගමන් කර ඇත්තේ එම සැකකරු බවට එහිදී ඔහු විසින් සැකකර ඒ බව පොලීසියට පවසා තිබෙනවා.

ඒ අනුව පොලීසිය CCTV දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණ අනුව සැකකරුව කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

සැකකරු විසින් මීටපෙර සොරාගත් මුදල් පසුම්බියක තිබූ රියරුදු බලපත්‍රයක් හරහා රන් භාණ්ඩය උකස් කර තිබූ බවද හෙළිවී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!