Gossip

විස්සයි විස්ස මැච් එකේ ටොස් එකේ දිනුම ආවේ ලංකාවට, දුන්නේ ඉන්දියාවට ? තීරණය වැරදුණු හැටි – වීඩියෝ

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (6) පැවැත්වුණු විස්සයි විස්ස තරඟයේදී කාසියේ වාසිය දිනාගනු ලැබුවේ ඉන්දියානු පිලේ නායක විරාත් කෝලි විසිනුයි. කෙසේ නමුත් එය වැරදීමකින් සිදුවූවක් බව මේ වන විට මාධ්‍ය රැසක වාර්තා කර තිබෙනවා.

කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ තීරකවරයා පවසා සිටියේ Head ලෙසින් කාසියේ වාසිය පැමිණි බවයි. එය ඉල්ලා සිටියේ විරාත් කෝලි විසින් වන අතර ඒ අනුව ඔහුට කාසියේ වාසිය හිමිවුණා. කෙසේ නමුත් එම අවස්ථාවේ තීරකවරයාගේ හැසිරීම අවුල් සහගත බව කැමරාවේ දර්ශනවලින් පෙනී ගියා.

පසුව දැනගන්නට ලැබී ඇත්තේ එම අවස්ථාවේ කාසියේ වාසිය පිළිබඳව වන තීරණය වැරදි අයුරකින් හෝ ඉන්දියාවේ ජයග්‍රහණය දෙසට දෝලනය වී ඇති බවයි.

මේ එම අවස්ථාවේ වීඩියෝවයි…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!