Gossip

“විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරනවා කියලා දැනගත්තා. පවුලේ අයත් එක්ක අපි දිනූෂව එතනට එක්කගෙන ආවා.. ඇයට හුස්ම ගන්න බැරිවුණා.” මියගිය දිනූෂා ද සිල්වාගේ ස්වාමිපුරුෂයා සියල්ල හෙළි කරයි

අනුරාධපුර හොරොව්පොතාන ක්‍රීඩාංගණයකදී විශ්වශක්තියෙන් රෝගීන් සුව කරන වැඩසටහනක් පසුගියදා සංවිධාන කර තිබුණා.
එම ස්ථානයකට යමින් සිටියදී කළුතර මහ වස්කඩුව පදිංචි පී. දිනූෂා ද සිල්වා නමැති 39 හැවිරිදි එක් දරු මව රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.
මියගිය දිනූෂා ද සිල්වා මහත්මියගේ ස්වාමිපුරුෂයා වන වර්ණ ගුණසේකර මහතා මෙසේ පැවසීය. ‘මාගේ බිරිඳ ප‍්‍රථම දරු ප‍්‍රසූතියෙන් මසකට පසු රෝගී තත්ත්වයට පත් වුණා. වසර එකොළහක් තිස්සේ බටහිර හා දේශීය වෛද්‍ය ක‍්‍රමවලින් ඇයට ප‍්‍රතිකාර කළත් ඉන් සුවයක් නොවීය. ඒ අනුව පසුගියදා අනුරාධපුර හොරොව්පොතානේ විශ්වශක්තියෙන් ලෙඩ සුවකරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව දැනගත් අපි පවුලේ කීපදෙනකු සමග දිනූෂාව ද එම ස්ථානයට රැගෙන ගියා.
එම වැඩසටහන ක්‍රිරයාත්මක කිරීමට පැය එකහමාරකට පමණ පෙර වෙලාවකදී ඇයට හුස්ම ගැනීමට අපහසුතාවක් ඇති වුණා.
එහිදී ඇයව අප විසින් හොරොව්පොතාන රෝහලට ඇතුළත් කර සුළු වේලාවකදී ඇය මියගොස් ඇති බව දැනගන්නට ලැබුණා.
මෙම මරණය පිළිබඳව විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය මගින් තොරතුරු විකෘති කර පළ කිරීම පිළිබඳව අප සැම දෙනාම පුදුමයට පත් වුණා.
කරුණු සොයා බැලීමෙන් තොරව විශ්ව ශක්තියෙන් රෝග සුව කරන අයගෙන්ද කරුණු නොවිමසා පුවත් පළ කිරීමෙන් එම ස්ථානයට පැමිණි සිිටි පහළොස් දාහකට පමණ වන ජනයා හා රෝගීන් සුව කරන පුද්ගලයා ද අපහසුතාවකට පත්ව තිබෙනවා.
මම කියන්නේ මාගේ බිරිඳගේ මිය යෑමට කිසිසේත් එම ක්‍රියාව බල නොපෑ බවයි. මගේ දියණිය පානදුර ප‍්‍රදේශයේ විදුහලක හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!