Gossip

විවාහ යෝජනාවකට රෝබෝ යන්ත්‍රයක්..

එංගලන්තයේ මිල්ටන් කේන්ස් නගරයේ පදිංචි උපාංග (ඇප්) සංවර්ධනය කරන්නකු වන බෙන් හෝගන් විසින් කොරෝනා වසංගත සමයේ සිය පෙම්වතියට විවාහ යෝජනාව සිදු කිරීම සඳහා රොබෝ යන්ත‍්‍රයක සහය ලබා ගෙන තිබේ. මේ අනුව සිය පෙම්වතියට විවාහ යෝජනාව සිදු කරමින් පැළඳවීම සඳහා මුද්දක් නගරයේ සිල්ලර බඩු බෙදා හරින රොබෝ යන්ත‍්‍රයක් හරහා නිවසටම ගෙන්වා ගැනීමට හෝගන් විසින් ඉකුත් නත්තල් දිනට පෙර දිනයේ පියවර ගෙන තිබේ. අදාළ රොබෝ යන්ත‍්‍රය මිල්ටන් කේන්ස් නගරයේ සාමාන්‍යයෙන් යොදා ගනුයේ නිවෙස්වලට සිල්ලර බඩු හා ඇණවුම් කරනු ලබන ආහාර වර්ග බෙදා හැරීමටය.

එහෙත් කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර යන එංගලන්තයේ බොහෝ දෙනෙකු මෙම දිනවල නිවෙස්වලටම කොටු වී සිටීම නිසා ඉකුත් නත්තල් දිනට පෙර දිනයේ හෝගන් විසින් ඔහුගේ පෙම්වතියට විවාහ යෝජනාව සිදු කිරීම සඳහා රොබෝ යන්ත‍්‍රයේ සහාය ලබා ගෙන තිබේ. පළමු කොරෝනා වසංගත රැල්ලත් සමගම එංගලන්තය මුල් වරට අගුලූ දැමීමට පෙර බෙන් හෝගන්ට සිය පෙම්වතිය වන ෂෙරී ඬේවිස් හමු වී තිබේ. එහෙත් විවාහ යෝජනාව එංගලන්තයේ දෙවැනි අගුලූ දැමීම ක‍්‍රියාත්මක වන මොහොතේ සිදු කළද එංගලන්තයේ දැනට පවතින දැඩි කොරෝනා මර්දන නීති රීතිවලට අනුව ඔවුන්ගේ විවාහය කවදා සිදුවේදැයි අවිනිශ්චිත බව හෝගන් කියයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!