Gossip News

විනාඩි 9න් දැන් කොටුවට..කොළඹ ට්‍රැ‌ෆික් එකට අහුවෙලා රස්තියාදු වෙන්න අවශ්‍ය නැහැ – වීඩියෝ

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා බේරේවැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබන අතර පළමු මාසයේදී මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාදීමට නියමිතයි.

මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවාව තුළින් මිනිත්තු 09ත් 10 අතර කාලයකින් කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා ගමන් කළ හැකි බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රෝෂාන් ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.

කොළඹ නගරය පුරා ඇති වී ඇති උග‍්‍ර රථවාහන තදබදයට විසඳුමක් ලෙස නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය ක්‍රියාත්මකයි.

මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව ක්‍රියාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියලු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් ක්‍රියාත්මක වනවා.

රථ වාහන තදබදයට විසඳුම් ලෙස මේ වන විටත් මහානගර අමාත්‍යාංශය මගින් බස් ප‍්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කර ඇති අතර සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ද ක්‍රියාවට නංවා තිබෙනවා.

තවද මේ පිළිබඳව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පළකළ අදහස් ඇතුළත් හඬපටයක් ද විද්‍යුත් තැපෑලට යොමුකර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!