බොලිවුඩ්

විද්‍යා, ඉම්රාන්ගේ පවුල් ජීවිතය සිනමාවට…

“ඩර්ටි පික්චර්” චිත්‍රපටියෙන් වඩාත් ප්‍රචලිත වූ විද්‍යා බාලන්ගේ නවතම චිත්‍රපටය වන “ගන්චක්කාර්”හි ඇය රංගනයෙන් දායක වෙන්නේ ගෘහනියකගේ චරිතයකටයි. ගෘහනිය යනු ඉතා අලස චරිතයක් බව නැ‍ඟෙන මිත්‍යා මතය තම රංගනයෙන් බොරුවක් කර පෙන්වන බව විද්‍යා පවසනවා.

“ගන්චක්කාර් චිත්‍රපටියේ මම රඟපාන්නේ පන්ජාබයේ ඉන්න ගෘහනියකගේ චරිතයක්. ගෘහනිය කියන්නේ හරිම අලස වැඩක් නැති චරිතයක් කියලා තමයි සමාජය හිතන් ඉන්නේ. ඒක ඇත්තටම ලොකු වැරදි වැටහීමක්. මම හිතනවා මේ චිත්‍රපටය බලන කෙනෙකුට ඒ වැරදි වැටහීම අයින් කරගන්න පුළුවන් වෙයි කියලා.”

33 වන වියේ පසුවන විද්‍යා බාලන් මෙම චිත්‍රපටයේ දී රංගනයේ යෙදෙන්නේ ද “ඩර්ටි පික්චර්” චිත්‍රපටයේ දී රංගනයෙන් දායක වූ ඉම්රාන් හෂ්මි සමඟින්මයි. ගන්චක්කාර් චිත්‍රපටය රාජ්කුමාර්ගේ අධ්‍යක්ෂණයක්. 2006 දී රාහුල් බෝස් සහ මල්ලිකා ෂෙරාවත් රංගනයෙන් දායක වූ “ප්යාර් කා සයිඩ් එෆර්ට්” චිත්‍රපටයෙන් පසු රාජ්කුමාර් අධ්‍යක්ෂණය ගන්චක්කාර් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!