Gossip

විජයකලා, ඇමති පදවිය අතහැරියේ කෝටි 50 කටද?

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමග මේ වෙද්දිත් සමාජයේ කතාබහ අඩුවීමක්නම් දක්නට ලැබෙන්නට නැහැ.

කෙසේවෙතත් ඊයේ රාත්‍රියේදීත් යාපනය කෝපායි පොලිස් බල ප්‍රදේශයේ කිසියම් පිරිසක් විසින් පොස්ටර් අලවා තිබෙනු දක්නට ලැබුණා.

අදාළ පෝස්ටරයේ සඳහන් වුණේ යාපනය පුන්කුඩතිව්හි ඝාතනය කල විද්‍යා ඝාතකයින් ආරක්ෂා කරපු රුපියල් කෝටි 50 කට ඇමතිකම අතහැර විජයලකාට කුමන මන්ත්‍රී පදවිද කියලායි.

විද්‍යා දැරිය දූෂණය කොට ඝාතනය කරන ලද පුද්ගලයින්ගෙන් ප්‍රධාන ඝාතකයා වූ ස්විස්කුමාර් නැමත්තා ආරක්ෂා කරමින් කොළඹ දක්වා යෑමට විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය එවකට දැඩි උත්සහයක යෙදුනු බවටත් කිසියම් පාර්ශවයක අවශ්‍යතාවයන් මත රුපියල් කෝටි 50 ක මුදලකට ඇමති පදවිය අතහැර දැමූ හෙයින් එවැනි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදද නොලැබිය යුතු බවයි එහි දැක්වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!