Gossip

විජයකලාගේ ප්‍රකාශයෙන් යාපනය කැළඹෙයි – පොලිසියේ නිවාඩුත් අවලංගු වෙයි

විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය පසුගියදා කල ප්‍රකාශයෙන් පසුව එම ප්‍රදේශයේ යම් කැළඹිලි සහිත ස්භාවයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

පසුගියදා යාපනය ප්‍රදේශයේ දී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය ප්‍රකාශ කළේ LTTE සංවිධානය නැවත ක්‍රියාකාරී විය යුතු බවයි.

කෙසේවෙතත් අද (04) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබන 17 වැනිදා දක්වා යාපනය කොට්ඨාශයේ සියලු නිලතලවල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමටද මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

ආවා කල්ලියේ බලපෑම් වැඩිවෙනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම පියවර ගෙන ඇති බවත් ආවා කල්ලිය මර්ධනය කිරීම වෙනුවෙන් එම කාලය තුළ ක්‍රියාත්මක වීම හේතුවෙනුත් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයක් මත මෙලෙස නිවාඩු අවලංගු කිරීම සිදු කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!