Gossip

“වැරදුනු තැන්වලදි මට හිටියේ මම විතරයි” – ජනප්‍රිය නිළි චතුරිකා පීරිස් තනිවෙයි

චතුරිකා පීරිස් යනු මෙරට පුංචි තිරය මෙන්ම රිදී තිරයේ ජනප්‍රිය තාරකාවක්.
ඇය වසර කිහිපයකදීම ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස සම්මාන දිනා ඇත්තේද ඒ නිසාමයි.
චතුරිකා අද වන විට ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසත් කටයුතු කරනවා.
බොහොම කාර්ය බහුලව සිටින, කාලෙන් කාලෙට පුවත් මවන චතුරිකා ඇයගේ අලුත්ම විස්තර සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

පුංචි කාලයේ සිටම හීන මැව්වේ කවුරු වෙන්නද?
ව්‍යාපාරික කාන්තාවක් වෙන්න. ඒකට හේතුව මම හැමදාමත් හීන මැව්වේ ස්වාධීනව වැඩ කරන්නයි.
එහෙත් රංගනයට යොමු වූයේ අහම්බයෙන්. අද වන විට රංගන ශිල්පිනියකට එහා ගිය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙස වැඩ කරනවා.
එය අනුන් යටතේ වැඩ කරනවාට වඩා බොහොම සැහැල්ලුවක්. ඉදිරියේදි ව්‍යාපාරික හීනය සැබෑ කරගැනීමේ බලාපොරොත්තුවකුත් තිබෙනවා. ඒ සඳහා රටේ ආර්ථීකය යහපත් වන තුරු බලාගෙන ඉන්නවා.

රංගන ශිල්පිනියක වීම ගැන තෘප්තිමත්ද?
අතිශයින්ම තෘප්තිමත්. මගේ පියා ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂවරු කොතරම් හඳුනාගෙන තිබුණත් පුංචි කාලයේ අපිව රංගනයට යොමු කළේ නැහැ.
උසස් පෙළ කළාට පස්සෙ බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ නිර්මාණයකට යන්න මට අවසර දුන්නා.
ඉන් පසුව නාලන් මෙන්ඩිස්ගේ සූරිය දරුවෝ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. එදා ඉඳන් අද දක්වා රංගනය මගේ වෘත්තියයි. රංගනය කියන්නෙ හොඳ වෘත්තියක්.
මේ වෘත්තිය ඒකාකාරිත්වයෙන් තොර වෘත්තියක්. හරිම විනෝදාත්මක වෘත්තියක්. මෑතක් වන තුරුම ඉතාම හොඳ මට්ටමක තිබූ මේ වෘත්තිය මෑතක සිට ඉන්දියානු ටෙලි නාට්‍ය පෙන්වීමත් සමග අරාජික තත්ත්වයට පත්වෙලා. අපි ඉතින් ඒ තත්ත්වය වෙනස් වන තුරු බලන් ඉන්නවා.

ඔබ වඩාත් කැමැත්තෙන් කියවපු මතකයේ රැඳුණු පොත මොකක්ද?
මම අන්තිමට කැමැත්තෙන් කියවපු පොත සක්කාරං. එය මගේ සිත් ගත්තේ සක්කාරං සිනමාපටය නිර්මාණය කිරීමට පාදකවූයේ ඒ පොත නිසයි. සාමාන්‍යයෙන් මම වැඩි වශයෙන් කියවන්නේ තාරකා විද්‍යාවට අදාළ පොත් පත්. ඒ විශ්වයේ නව සොයා ගැනීම් සහ විශ්වයට සිදු වන දේවල් දැනගැනීමට ප්‍රියකරන නිසයි.
එම නිසා නවකතා හෝ වෙනත් පොත්පත් බැලෙනවා අඩුයි.

ඔබ කැමැතිම සිනමා පටය..
children of the heven. එය ජාත්‍යන්තරයේම කතාබහට ලක් වූ චිත්‍රපටයක්. ලංකාවේ චිත්‍රපටවලින් වැලි කතර සිනමා පටයට කැමැතියි.

කැමැතිම රංගන ශිල්පියා, ශිල්පිනිය, ගායකයා සහ ගායිකාව..
ජෝ අබේවික්‍රම රංගන ශිල්පියාට කැමැතියි. ඔහුගේ රංගන විලාශය සහ කතා විලාශයට කැමැතියි. සිත් ගත් රංගන ශිල්පිනිය ප්‍රියංකා චොප්රා. ඇයගේ රංගන විලාශය ඉතාම සිත්ගන්නා සුලුයි. අමරදේව ශූරීන්ගේ ගීතවලට මම හැමදාමත් ප්‍රිය කරනවා. එතුමා ගායනා කරන ‘පාවෙනා නිල් වලාවේ’ ගීතයට බොහො­ කැමතියි.
ඒ වගේම නන්දා මාලනිය තමයි මම හැමදාමත් ප්‍රියකරන ගායිකාව. ඇය ගායනා කරන ‘කඩමණ්ඩියේ දොළ අයිනේ’ ගීතය අසන වාරයක් පාසා හිතට දැනෙන හැඟීම වචනවලින් කිව නොහැකියි.

තව කෙනෙකු කරනවට අකමැති දෙය..
මට කියන්න තියෙන්නේ ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක් කළත් මට කමක් නැහැ. එහෙත් මම ගැන නොදන්න දේවල් කතා කරනවට මම කැමැති නැහැ.
ඒවගේම මගේ නම ගාවල බොරු දේවල් කියනවට කැමැති නැහැ.

රංගන ශිල්පිනියක ලෙස සමාජයට දෙන ආදර්ශය කුමක්ද?
මම මේ දෙය කියන්නේ රංගන ශිල්පිනියක් ලෙස නෙමෙයි කාන්තාවක් ලෙසයි. හැම කාන්තාවක්ම ආර්ථික අතින් ස්ථාවර විය යුතුයි. එවිට පෙම්වතාගෙන්වත්, ස්වාමියාගෙන්වත් වචන අහන්න ඕනෑ වෙන්නේ නැහැ. ඒ ගැන සිතා වැඩ කරන්න.

රටේ නායකයා වුණොත් පළමුව කරන්නේ..
මම හිතන්නේ රටේ නායකයා වුණා කියලා තනියම කිසි දෙයක් කළ නොහැකියි. එයට ජනතාවගේ සහාය අවශ්‍යයි. පළමුව කරන්නේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නංවන එක. ඉන් පසුව පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහේ නඩත්තුවට වෙන් කරන මුදල අඩු කරනවා. ඒ මුදල් හොඳටම ප්‍රමාණවත් රට සංවර්ධනය කිරීමට.

වැඩිපුරම සංචාරය කරන්න කැමැති..
දැනටත් ගොඩක් රටවල සංචාරය කර තිබෙනවා. නමුත් අසල්වැසි රට වන ඉන්දියාවට තවම යන්න බැරි වුණා. ෂොපින් කරන්න යන්න කැමැති ඇමරිකාව වුණත් ස්විට්සර්ලන්තයේ සංචාරයට කැමැතියි. කවදා හෝ ඒ හීනය හැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ජීවිතයේ වැරැදුණු තැන්වලදී ළඟින්ම හිටියේ..
බොහෝ අවස්ථාවල හිටියේ මට මම විතරයි. ඇතැම් අවස්ථාවලදී ගයාන් හිටියා. තවත් අවස්ථාවලදී තාත්තා හිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!