Gossip

“වැටී සිටි ගැහැණියගේ නලල සෙමින් සිය හොටෙන් පිරිමදිමින් ඇගේ ආත්මයට කිරිල්ලිය මෙසේ මිමිනීය”

සමන්තා බිලූමිට ගෙදර අය ආදරයට කීවේ සෑමි කියාය.
ඇය වෘත්තියෙන් හෙදියකි. ඇගේ ආදරණිය ස්වාමි පුරැෂයා කැමරන් බිලුමි වෘත්තීයෙන් ඡායාරෑප ශිල්පියෙකි . ඔවුනට දගකාර වයස 9,10, 12 වයසැති අනගි කොල්ලෝම තිදෙනෙක්ම වු අතිශය ප්‍රීතිමත් පවුලක් විය. ඔවුහු ඡිවත් වුයේ ඔස්ට්‍රේලියාවේ සිඩිනි නුවර උතුරැ වෙරළ තීරයේ ගමිමානයකය.
2013 ඔවුහු නිවාඩුවට තායිලන්තයේ රමනීය Gunnam Chian ගමිමානයට ගිය අතර එහි හෝටලයක නවාතැන් ගත්හ.
දිනක් රාත්‍රියේ හොටල්යේ සදලුතලයෙන් සමන්තා බිම ඇද වැටුණු අතර එය මාරාන්තික හදිසි අනතුරක් විය.ඇගේ කොදු ඇටපෙලට දැඩි හානි සිදුවී ඇති බැවින් ඇය ශල්‍ය කර්ම කිහිපයකට භාඡනය කර මාස 7 ක් ප්‍රතිකාර කල තායිලන්ත රෝහල ඇය එලියට එවිවේ රෝද පුටුවක වැතිරැණු ශරීරයේ එක් අංශයක් අකර්මන්‍යවු සමන්තා කෙනෙකි. ඉතිං ඇය නැවත ගෙදර ගියේ මෙම රෝද පුටුවෙනි… සිය නිවෙසට ඇතුලුවූ දින සිටම ඇය සිටියේ කඩා වැටුණු මනසකින් යුක්තවය. කිසිවෙක් හා කතාබහට නොගිය සමන්තා සිනහව අමතක කර දැමීය . විසිත්ත කාමරයේ ඡනේලය ළගට සිය රෝද පුටුව ලංකරගනන්නා ඇය අනන්ත වු අවකාශය දෙස හිස් දෑසින් බලා සිටින්නීය.
ටික දවසකින් ඇය දුර්වල වීමට පටන් ගත්තාය. ඒ වන විට ඇයට අවුරැදු 46 කි.
දැන් දැන් ඇගේ දෑස් ඉදිරියේ මරණයේ සෙවනැලි ඇවිත් නෑවිත් යනවා වන්නටද පුලුවන. මවගේ මෙම හැසිරීමෙන් භිතියට පත් දරැවෝ පාසැල් වැඩ අතපසු කළහ. කැමරන්ට සිය සිත එකලස් කරගෙන නිවියෝක් ටයිමිස් පුවත් පතේ වැඩ කල නොහැකි විය. ඔහුට මෙම නිවෙස දැන් දැන් අපායක් සේ පෙනේ. එහි මෘත ශරීරාගාරයක භිතියද , සොහොන් ගෙයක නිෂ්ශබිදතාවයෙන්ද පිරි තිබිණි.
2014 වර්ෂයේ යමි කිසි දිනෙක සෑමිගේ බාල පුතා ඔලිවර් සිය නිවෙස අසළ රථ ගාලේ වැටී සිටි කිරිල්ලියක් ගෙදර ගෙන ආවේය. වැටීමෙන් උගේ දෙපා අප්‍රානිකව තිබිනි. ඇවිද ගන්නවත් බැරි නිසා කුඩුවක් සොයා වෙහෙස නොවු ඔහු කිරිල්ලිය නිවසේ විසිත්ත කාමරයේ බිම තැබුවේය.
ඌ පෙන්ගුවින් කුරැල්ලෙක්ගේ දීප්තිමත් කලු සහ සුදු වර්ණයෙන් යුතු නිසා හේ ඌට පෙන්ගුවින් යනුවෙන් නමි තැබීය…
දින කිහිපයකට පසු කිරිල්ලිය නැගිට සිටීමට දරන ප්‍රයන්තය විසිත්ත කාමරයේ කෙලවරක රෝද පුටුවේ වැතිර සිටි සමන්තා දුටුවාය. කිරිල්ලිය එක් වරක් දෙවරක් සහ කිහිපවාරයක් නැගිටීමේ අසාර්ථක උත්සාහය යෙදිණි. මෙසේ වැටි වැටී නැගී සිටීමට උත්සාහ ගත් කිරිල්ලිය එක වරම සිය දෙපා මත සිටගෙන ඇගේ සිරැර සමබරව තබා ගත්තාය. කිරිල්ලිය දෙසම බලාසිටි සමන්තාගේ මුවගට තෘප්තිමත් සිනහවක් නැගිනි. එය පුරා අවුරැද්දකට පසු ඇගේ මුහුනේ නැගුණු ප්‍රථම සිනහවේ රේඛාය. එය හරියටම තද ශිත සෘතුවකට පසු පොළවට වැටෙන ප්‍රථම හිරැ කිරණ සේ විය.
තවත් දින කිහිපයකට පසු කිරිල්ලිය පියාඹාවිත් සමන්තාගේ රෝද පුටුවටත් පසුව ඇගේ උකුලටත් ඒමට පුරැදු විය. බැදීම ආරමිභ වි තිබිණි. දැන් පෙන්ගුවින් සෑමිගේ පපුව මත නැගී නිදහසේ සෑමිගේ නළල සිය හොටෙන් පිරිමදියි. සෑමි ගේ හිසමතට නැග ඇගේ පිලිවෙලට පීරා ඇති කොණ්ඩය අවුල් කර දමයි .
පසුව සෑමිගේ පපුව උඩම නිදියයි. දිනක් සෑමිගේ පපුව මත වසා සිටි පෙන්ගුවින් සමන්තාගේ ලොකු පුතාගේ පපුව මතවසා ඔහුගේ මුව තුලට සිය හොට දමා දත් සුද්ද කරන්නට පටන් ගත් විට සමන්තාට බකස් ගා හිනා ගියාය. අම්මාගේ හිනා හඩ ඇසුනු තාත්තා සහ දරැවෝ අමිමාව වට කර අත්පුඩි ගැසූහ. දැන් නිවෙස ඡිවයෙන් උතුරයි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නැවත සුන්දර නිවෙසක් බවට පරිවර්ථනය වී තිබේ . සමන්තා දැන් ව්‍යායාම කරන්න පටන් අරන් පටන්ගෙන…
කිරිල්ලියද ඇද මත හිද ඇයද සමන්තා අනුකරනය කරමින් ව්‍යායාම කරමින් විසිල් ගසමින් සිය ප්‍රීතිය පළකර සිටියාය. තවත් වසරක් ඇවෑමෙන් විශ්මය ඡනක ලෙස සමන්තා සිය රෝද පුටුව අතෑර දෙපයින් සිට ගත්තාය.
මෙම කාලය තුල සමන්තා හා කිරිල්ලිය එකිනෙකාට තම ආත්මවලින් බැදි සිටියෝය. හරියට නිවුන් සෝයුරියන් මෙන් හරියට රෝගියා සහ උපස්ථායික මෙන්. දැන් සමන්තා නිවසේ සියලු කටයුතු තනිවම කරයි. ඇය පලතුරැ අඹරන විට ඇයට උදවි කරන්නේ පෙන්ගුවින්ය.සෑම දිනකම සමන්තා නිදියගත් පසු නිවෙසින් පිට ගහක රාත්‍රිය ගෙවන පෙන්ගුයින් පසුවදා උදෑසනම සමන්තාගේ ඔඩොක්කුවට පැන සිංදු කියයි. දැන් සමන්තා තනිවම නිවසේ සියලු කටයුතු කරයි. නිවෙස දැන් ඡිවයෙන් පිරී උතුරා ගොසිණි.
දැන් එය මෙම කුරැල්ලාගේ විකාරවලින් නැගුනු සිනහ හඩින් දෝංකාර දෙයි… මේ වන විට මුහුදේ තනිවම පිහිනිමට තරමි සමන්තා ශක්තිමත්ය. කිරිල්ලිය මෙම නිවෙසට පැමිණ දැන් වසර 3 කි… දවසක් සමන්තා මුහුදේ පීනන අයුරැ බලා සිටි කිරිල්ලිය පසුව නැවත නොඑන්නටම සමන්තලා හැර ගොස් තිබිණි.
කිරිල්ලිය ඔවුන් අතෑර ගිය පසු සමන්තාලා හඩා වැටෙන්නට ඇත. එහෙත් බුද්ධිමත් සමන්තා මෙසේ සිතන්නටද ඇත…
‘‘ එයාටත් කුරැල්ලෙක් නැතිව පාලු ඇති. එයත් ආස ඇති කුරලු පැටවිගේ අමිමෙක් වෙන්න. එයත් ආස ඇති කුරැලු පැටවි එක්ක නිදහසේ පියඹාන්න . හරියට මේ දැන් මම පියාඹනව වගේ”
පෙන්ගුවින් නැමති මෙම ආදරණිය කිරිල්ලිය ගැන මිනිසෙක් නොලියනවානමි පුදුමයකි.
එහෙයින් සමන්තාගේ ස්වාමිපුරැෂයා වන Cameron Bloom තම පවුලම ඡිවනයෙන් පිරවු මෙම කිරිල්ලිය ගැන පොතක් ලීවේය එය සිය වාසගම හා කිරිල්ලියට ඔවුන් තැබු නම අලලා ඔහු පොත මෙසේ නම් කලේය. Penguin Bloom මෙම කෘතිය 2017 වසරේ Book of the Year at the 2017 Australian Book Industry Awards. සමිමානය ලැබීය…

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!