Gossip

ව්‍යාඝ්‍රයෙකුට “කොරෝනා” ආසාධනය වෙයි

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි Bronx සත්ව උද්‍යානයේ වෙසෙන සිව් හැවිරිදි ව්‍යාඝ්‍රයෙකුට නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට සනාථ වී ඇතැයි එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික පශු වෛද්‍ය විද්‍යාගාරය නිවේදනය කර සිටිනවා.

මිනිසුන් අතරේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ව්‍යාඝ්‍රයෙකුට වැලදී ඇති බවට සනාථ වූ පළමු අවස්ථාව මෙය බවයි අමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික පශු වෛද්‍ය විද්‍යාගාරය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Nadia නම් සුරතල් නාමයෙන් ආමන්ත්‍රණය කරනු ලබන මෙම ව්‍යාඝ්‍රයා සහ ඔහුගේ සොහොයුරිය වන Azul හා සයිබිරියානු ව්‍යාඝ්‍රයින් දෙදනෙක් සහ අප්‍රිකානු සිංහයින් තිදෙනෙක් හට වියළි කැස්සක් මුලික රෝග ලක්ෂණ ලෙස පහළ වූ බවයි සත්ව උද්‍යාන භාරකරුවන් සඳහන් කරන්නේ.

සත්ව උද්‍යානයේ සතුන් කිහිපදෙනෙකුම ආහාර අරුචිය, ශ්වසන ආබාධ ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් Nadia නම් ව්‍යාඝ්‍රයා ගේ නියැදි ආශ්‍රයෙන් සිදුකළ පරීක්ෂණයෙන් මෙලෙස කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වූ බවයි එම බලධාරීන් සඳහන් කර සිටින්නේ.

කොරෝනා වෛරසය ආසාධනය වූ Nadia නම් වූ ව්‍යාඝ්‍රයාට ඉක්මන් සුවය ලබනු ඇති බවට අපේක්ෂා කරන බවත් ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බව අමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික පශු වෛද්‍ය විද්‍යාගාරය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!