Gossip News

වන අලි ප්‍රහාරයෙන් අත්තම්මයි මිණිබිරී අවසන් ගමන් යයි..

අම්පාර, මධ්‍යම කඳවුර පොලිස් වසමේ 16 කොළනිය, පන්සල ඉදිරිපිට දී වන අලියෙකු පහර දීමෙන් කාන්තාවක් හා ඇගේ මිණිබිරිය ජිවතක්ෂයට පත්ව තිබෙනවා.ඊයේ(10) සවස 6.45 ට පමණ මෙය සිදුව ඇති අතර අලියාගේ පහර දීමෙන් බරපතළ තුවාල ලැබු දෙදෙනා මධ්‍යම කඳවුර රෝහලට හා අම්පාර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මධ්‍යම කඳවුර පොලීසිය ලද තොරතුරු මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

වන අලි පහර දීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 54 ක් වු සදනදපුර, වීරගොඩ ලිපිනයේ පදිංචි විදානලාගේ පුෂ්පකාන්ති යන කාන්තාවක් හා ඇයගේ මිණිබිරිය වන එම ලිපිනයේම පදිංචි වයස අවුරුදු 6ක් වු අවිෂා දෙව්මිණි යන දැරියකි.

මිය ගිය දෙදෙනා නිවස අසල කඩයකට ගොස් එමින් සිටිය දී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය පවසනවා.

මෘත ශරීරයන් මේ වන විට මධ්‍යම කඳවුර රෝහලේ හා අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!