Gossip

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උණුසුම වැඩි කරමින් රුසියාව හමුවේ ස්පාඤ්ඤය පැරදුනු හැටි මෙන්න – වීඩියෝ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් කිහිපයක්ම මේ වනවිට ඉවත්ව ගොස් තිබෙනවා.
පාපන්දු ලෝක කුසලානයේ උණුසුම තවත් වැඩිකරමින් ස්පාඤ්ඤය සහ රුසියාව අතර තරගය ඊයේ පැවැත්වුණා.
මෙම තරගයේදී රුසියාව ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමට තියුණු තරගයක් ලබා දුන්නා.
අතිරේක කාලය වශයෙන් ලබා දුන් මිනිත්තු 30ටද පසුව තරගය ගෝල 1-1 කින් සමවුවද, දෙපිලටම ලබාදුන් දඬුවම් පහර 5න් 4-3 ක් ලෙස සාර්ථක කරගත් රුසියාව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්වුණා.
තරගයේ 12 වැනි මිනිත්තුවේදී රුසියාවේ සර්ජි ඉග්නැෂිවිච් විසින් පන්දුව තමන්ගේම දැලවෙතට දමා ගැනීම හේතුවෙන් ගෝල 1-0 කින් පෙරමුණ ගැනීමට ස්පාඤ්ඤයට හැකියාව ලැබුණා.
පළමු භාගය අවසන්වීමට මිනිත්තු කිහිපයක් තිබියදී රුසියාවට ලබාදුන් දඬුවම් පහර හේතුවෙන් ගෝල 1-1 ක් ලෙස තරගයේ පළමු භාගය සමකර ගැනීමට ආර්ටම් සියුබාගේ ගෝලයත් සමගින් රුසියාවට හැකියාව ලැබුණා.
නියමිත කාලයට වඩා විනාඩි 30 ක කාලයක් දෙපිළට ලබාදුන්නද ජයග්‍රාහකයා තෝරා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
මෙම නිසා දඩුවම් පහර පහ බැගින් කණ්ඩායම් දෙකටම ලබාදීමට විනිසුරුවන් තීරණය කළ අතර එය සාර්ථකව ලබාගත් රුසියාව තරගාවලියේ රැදී සිටීමට වාසනාව උදාකර ගත්තා.
ලෝක කුසලාන තරගාවලියකදී රැසියාව අවසන් අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවද මෙයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!