Gossip

ලෝකයේ භයානකම ළමා අපරාධකරුවන් – Photos

අපිට හැම දවසකම අපරාධයක් ගැන අහන්න ලැබෙන එක සාමාන්‍ය දෙයක්. උදේට පත්තරෙන් මංකොල්ලයක් ගැන අහන්න ලැබිලා හවසට රූපවාහිනියේ මිනිමැරුමක් අහන්න දකින්න ලැබෙන වාතාවරණයක් තුළ තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි මේ අතරින් භයානක වෙන්නේ ළමා අපරාධකරැවන් ගැන ඒ අතරින් අහන්න වෙන එක.මේ වනවිට ලෝක වර්ගීකරණයන්ට අනුව ලොව දරුණුම ළමුන් 5 දෙනෙකු පිළිබඳව කරුණු මාධ්‍යට වාර්ථා කරලා තියෙනවා.

ලයිල් හෝ එරික් මෙන්මෙන් මෙනෙන්ඩෙස් කියන්නේ වර්ගීකරණයේ 5 වන ස්ථානය සිටින දෙදෙනයි. 1989 තම දෙමාපියන් ඝාතනය කිරිම සම්බන්ධයෙන් 1994 දී වරදකරුවන් වුණා.ඔවුන් එම අපරාධය සිදුකරන විට ඔවුන්ගේ වයස අවුරුදු 18-21 ක් බවයි සදහන් වෙන්නේ.ඔවුන් තම දෙමාපියන් ඝාතකය කිරීමට තුවක්කුවක් යොදාගන තිබුණා.අධිකරණය විසින් ඔවුන්ට ජීවිතය කාලය දක්වා සිරදඩුවම් ලබා දීමට කටයුතු කර තිබුණා.හතරවන ස්ථානය ගන්නේ පෝල් බර්නාඩෝ.ඔහු විසින් කාන්තාවන් 16 දෙනෙකු පමණ අපයෝජනයට ලක්කර තිබෙනවා.මේ හේතුවෙන් ඔහු මේ දක්වාම සිරදඩුවම් විදිනවා.ලිසී බොඩන් කියන්නේ මේ ලයිස්තුවේ තුන්වෙනියට ඉන්න ළමා අපරාධකාරයයි.ඇය තමන්ගේ පියා සහ කුඩම්මා ඝාතනය කර තිබුණා.විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව ඔවුනට සැකයක් තියනවා ඇය මේ ඝාතනයන් සිදුකරන්න පෙළඹෙන්නට ඇත්තේ තම පියා විසින් ඇයව අපයෝජනයට ලක් කිරීම නිසා කියලා.දෙවන ස්ථානය ගන්නේ එංගලන්තයේ ජෝන් වෙනබල් සහ රොබට් තොම්සන්. මොවුන් වරදකරැවන් වන්නේ වයස අවුරැදු 10 දී ‌ජේම්ස් බල්ගර් නැමති වයස අවුරුදු 2 දරැවෙකු සාප්පු සංකීර්ණයකින් පැහැරගන ඇවිත් අසල තිබෙන අතහැර දමා ඇති දුම්රිය මාර්ගයේ කොටසකට ගෙනවිත් එම ස්ථානයේ තිබුණු අයුධ කීපයක් යොදාගන බිළිදාට අමානුෂික ලෙස පහරදී මරා දමා තිබුණා. නමුත් මෙම සිදුවීම‌ට සම්බන්ධ කනස්සල්ලට පත්වන කරැණ වන්නේ අවුරුදු 18 මොවුන් දෙදෙනා සිරෙන් නිදහස් වීමයි.එරික් ස්මිත් කියන්නේ ලොව භයානකම ළමා අපරාධකරැවන් ගේ ලයිස්තුවේ ඉහළින්ම ඉන්න කෙනයි.ඔහු කුඩා අවධායේම අනෙකුත් ළමුන් ගේ හිරිහැරයට ලක්වුණ දරැවෙක්.ඔහු අවසානයේ ඒ කරදර දරාගන්න බැරිව ඒ ළමයින්ට එරෙහිව නැගී සිටිනවා වෙනුවට තමනුත් ඒ ආකාරයට අනිත් ළමුන්ට හිරිහැර කරන්නෙක් බවට පත්වෙලා තිබෙනවා.දිනක් ඔහු ඩෙරික් රොබී යන ළමයාව කදවුරක සිටියදී කැලවට ඇදගන ගොස් ගෙල හිරකර ගලකින් ඔලුවට ගසා මරා දමා තිබෙනවා.ඔහු මේ මිනිමැරැම කරන විට අවුරුදු 4 දරැවෙක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වෙන්නේ.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!