අද පදුරකට ගැහුවොත් ඡායාරූප ශිල්පියෝ දස අතේ විසිවෙනවා.
ඒ තරමටම ඡායාරූප ශිල්පියෝ හැමතැනම.
අපි මේ කියන්න යන්නේ ඕලන්ද ඡායාරූප ශිල්පියෙක් ගැනයි.
ඔහු ජීට් වෙජන්.
සමාජමාධ්‍ය වල මේ දවස්වල ඔහුගේ ඡායාරූප කිහිපයක් ගැන කතාවෙන්න පටන් අරන්.
මෙම ඡායාරූප එඩිට් කරපු ඡායාරූපද නැත්නම් සැබෑ ඒවාද කියලයි හුඟක් අය විමසලා තිබුණේ. මේ එහි ඇත්ත කතාවයි.
වසර 4 කට වඩා අධික කාලයක සිට වෙජන් දඩුලේනන්ගේ අපූරු හැසිරීම් නිරීක්ෂණය කරමින් ඒවා සිය කැමරා කැමරාවට හසුකරගෙන තිබෙනවා.
එම ඡායාරූප මේ වනවිට ලෝකය පුරාම ප්‍රසිද්ධ වී ඇති අතර නිතර දඬුලේනන් සමග ගැවසෙන නිසාම ඔවුන්ගේ හැසිරීම් ගැන වෙජන්ට හොඳ අවබෝධයක් ඇති බවත් සඳහන්.
මේ නිසාම ඔහුගේ ඔලුවට අපූරු අදහසක් ඇවිත්.
ඒ අදහස් එකතු කරලා පුංචි පුංචි නිර්මාණ කරලා පසුබිම සකසා දඬුලේනන් සූක්ෂමව ඒ වෙත ගෙන්වාගෙන ඔවුන්ගේ හැසිරීම් සිය කැමරාවට වෙජන්ට් හසුකරගෙන තිබෙනවා.
මේ සඳහා වෙජන් ෆොටෝ ෂොප් මෘදුකාංගය භාවිකර කර තිබුණද මේවා කැමරාවට හසුකරගන්න ඕන නිසාම ඔහු අපේ ලෝකයේ බොහෝ දේ දඬුලේනන්ගේ තරමට ගැලපෙන්න නිර්මාණය කර ඔවුන්ට එහි සැසිරීමට ඉඩ සලස්වා ඇති බවත් සඳහන්.
වෙජන් හදපු ඇපල් කරත්තයට නැගලා ඒක ගෙදර ගෙනියන්න හදන වෙජන්ගේ වත්තට ආපු දඬුලේනන් දෙදෙනාගේ වැඩ තමයි මේ..
ඡායාරූප පහතින්..