Gossip

ලොවක් ආදරය කළ පුංචි මේරි මියයයි – Photos

සමාජ ජාල ඔස්සේ තායිලන්ත වැසියන්ගේ ආදරයට ලක් වුණු ‘මේරියම්’ නමැති මාස අටක් වයසැති ඩූගොන් පැටවා, මියගොස් ඇති බවත්, මරණයට හේතුව ප්ලාස්ටික් විෂවීමක් බවත් වාර්තා වේ.
‘මේරියම්’ යන්නෙහි අර්ථය ‘සාගරයේ ආර්යාව’ යන්නය. ඩූගොන් යනු ක්ෂීරපායී සාගර ජීවියෙකි. මේ සත්වයා සිංහල බසින් හැඳින්වෙන්නේ මුහුදු ඌරා යනුවෙනි. හොඳින් වැඩුණු මුහුදු ඌරකු මීටර් 3.4 කට වඩා දිගින් යුක්ත වෙයි.
පැය 24 පුරා මුහුදු වෙරළට ගොස් කණ්ඩායම් වශයෙන් සාගර ජීව විද්‍යාඥයන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් ‘මේරියම්’ ට අවශ්‍ය ආහාර සහ පෝෂණය ලබා දුන් බව පැවැසෙයි.
පසුගිය සතියේ ‘මේරියම්’ වැඩිහිටි පිරිමි මුහුදු ඌරකුගේ ප්‍රහාරයකට ලක් වී තුවාල ලැබුවාය. ඒ අනුව, තුවාලවලට බෙහෙත් දැමීමට කයිබේ පළාතේ ලිබොන් දූපතේ කෘත්‍රිම ජල තටාකයට ‘මේරියම්’ රැගෙන යන ලදී.
‘මේරියම්’ මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. පශු වෛද්‍යවරුන් මරණ පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී ‘මේරියම්’ගේ කුසේ ප්ලාස්ටික් කැබලි තිබී හමුවී ඇත. ‘මේරියම්’ මියගොස් ඇත්තේ ප්ලාස්ටික් විෂ වීමෙන් යැයි ඒ අනුව තහවුරු විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!