බොලිවුඩ්

ලොක්කන්ගේ නිර්මාණයක් එළිදකියි…

“ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්” බොලිවුඩයෙන් ඇහෙන අලුත්ම හාත්ස්‍ය මුසු ආදර කතාවයි. කරන් ජොහාර්ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ වරුන් ධවන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ ආලියා භාත් වගේ අලුත්ම මුහුණු ටිකක් වීම විශේෂත්වයක්. අධ්‍යක්ෂණය කළ කරන් ජොහාර්ගේ සහ ශාරුක් ඛාන්ගේ නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටිය ඊයේ තමයි තිරගතවීම ඇරඹුනේ.

සිද්ධාර්ත් මල්හෝත්‍රා “අභිමන්යු”ගේ චරිතයට ද වරුන් ධවන් “රොහාන්” චරිතයට ද පණ පොවන ගමන් ආලියා භාත් “ශානයා” කියන චරිතයටයි රඟපාන්නේ. “රාධා” කියන සින්දුවට විතරක් ශාරුක් ඛානුත් ඉන්නවා. “ද ඩිස්කේ සෝන්ග්” කියන ගීතයට කාජල් ගරු රඟපැමෙන් දායක වෙනවා කියලාත් ආරංචි වෙනවා.

චිත්‍රපටියේ ගීත රචනා කරලා තියෙන්නේ “අන්විතා දත් ගුප්තාන්” පළවෙනි ප්‍රචාරනය විදිහට ඩිස්කො සෝන්ග් කියන ගීතය පහුගිය අගෝස්තු 28 වෙනිදා එළි දැක්වුවා. අනිත් සින්දු ටික එළි දැක්වුණේ අගෝස්තු 31 වනදායි. ගීත 7 ක් මේ චිත්‍රපටයට ඇතුළත් කරලා තියෙනවා.

 

 

කොහොම වුනත් කරන් ජොහාර් සහ ශාරුක් ඛාන් කියන දැවැන්ත චරිත දෙකත් එක්ක බැඳිලා තියෙන මේ චිත්‍රපටය අසාර්ථක වෙයි කියලානම් හිතන්න අමාරුයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!