Gossip

ලාංකික සැමියට අවුරුදු 26 යි, විදෙස් බිරිඳට අවුරුදු 60 යි.. තිබුණු සන්තකම ලාංකික සැමියාට වියදම් කරපු සුදු කතට අද වෙච්ච දේ

ශ්‍රී ලාංකික තරුණයෙකු සමග විවාහ වී, ඔහුට සහ ඔහුගේ පවුලට සිය සන්තකයම වියදම් කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් අසරණවු පුවතක් ගැන වාර්තා වුණා.
විසිහය හැවිරිදි මෙම තරුණයා සමග විවාහවූ බ්‍රිතාන්‍ය කාන්තාවට නැවත සිය මවුරටට යෑමට නොහැකිව ශ්‍රී ලංකාවේ තනිව සිටින බවයි එහි දැක්වුණේ.
මෙම කාන්තාව හැට හැවිරිදි වියේ පසුවන අතර ඩයනි ද සොයිසා නම් මෙම කාන්තාව මේ වන විට නැවත ගෙවිය නොහැකි තරමටම ණය වී තිබෙනවා.
අවුරුදු හයකට පමණ ඉහතදී සංචාරයක් සඳහා ලංකාවට පැමිණි ඇයට සිය සැමියා වන ප්‍රියන්ජන ද සොයිසා මුණ ගැසී තිබුණා.
2016 වසරේදී ඇය එඩින්බරොහි සිය නිවස විකුණා දමා සැමියා සමග පදිංචියට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
පසුව සැමියාට නිවසක්ද තනාදී ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඇය සතුව තිබූ මුදල්සහ දේපලද ලබාදීලා.
ඉන් පසු ටික කාලයක් ගිය පසු ඇගේ සැමියාව යම්කිසි පිරිසක් විසින් ඝාතනය කර තිබෙනවා.
දැන් රෝගාතුර වී සිටින මෙම කාන්තාවට ප්‍රතිකාර ලබාගැනීමටවත් මුදල් නොමැති බවත් මව්රටට යාමට ගුවන් ටිකට්පතක් හෝ මිලදී ගැනිමට නොහැකි බවත් ඇය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!