Gossip

ලක්ෂ දෙකහමාරක් වටිනා රන්භාන්ඩ බස් රථයේ දමා ගිහින්, නැවත අයිතිකරුවන්ට ලබාදුන් කොන්දොස්තර

ලක්ෂ දෙකහමාරක පමණ වටිනාකමක් ඇති රන් භාණ්ඩ කිහිපයක් ලංගම බස් රථයක ආසනයක් යට තිබි එම බස්රථ කොන්දොස්තර විසින් අදාල තරුණ යුවතියට හෙම්මාතගම බස්නැවතුමේදි අද 02 භාර දිමට කටයුතු කර අතර එය බොහෝ දෙනෙකුගේ පැසසුමට මෙන්ම කතා බහට ලක් විය.

හෙම්මාතගම හරංකව ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 24 ක් වන අයි.එච්. ධනුෂ්කා සංජීවනි අවිවාහක තරුණියගේ මව විදේශ ගතව සේවය කරන අතර ඇය විසින් දියණියගේ රන්භාණ්ඩ බේරා ගැනිමට මුදල් ඒවා ඇත. පසුව ඇය විසින් ජනවාරි 01 වැනිදා එම රන්භාණ්ඩ බැංකුවෙන් නිදහස් කර ගෙන තමන්ගේ යෙහෙළියක හමුවිමට සවස හෙම්මාතගම නගරයේ සිට ගම්පොළ නගරයට ගමන් කරන බස් රථයකින් යමින් සිටියදි ඇය සතුව තිබු රන් භාණ්ඩ අතුරුදහන් වි තිබුණි.

පසුව ඇය ගමන් කරන ලද ගම්පොළ ඩිපෝවට අයත් ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා වන ජි.ජි. අනුර ප‍්‍රියන්ත කුමාර යන අයට දුරකථන ඇමැතුමක් ලබා දිමෙන් අනතුරුව ඔහු පවසා ඇත්තේ සවස බස් රථය අතුගා පිරිසිදු කරන විට රන්භාණ්ඩ වැටි තිබුණහොත් දුරකථන ඇමැතුමක් ඇයට ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දි ඇත.

බස් රථයේ අවසන් ගමනාන්තයෙන් පසුව සුපුරුදු ලෙසින් බස්රථය පිරිසිදු කටයුතු කරමින් සිටියදි කොන්දොස්තරවරයාට පොලිතින් කවරයක ඇතුලත දැමු රන්භාණ්ඩ හමුවි ඇති අතර එම රන්භාණ්ඩ හමුවු විගස ඔහු විසින් නැති වු තරුණියට ඒ බව දැනුම් දි ඇත. ඒවා අද දින හෙම්මාතගම බස් නැවතුමේදි 02 වැනි දින උදෑසන තරුණියට ලබා දිමට බස් කොන්දොස්තර අනුර ප‍්‍රියන්ත මහතා කටයුතු කරන ලදි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!