Gossip

ලංකාවේ ජනප්‍රිය සීදුව සංගීත කණ්ඩායමක අය එකතුවෙලා කෝටිපති ව්‍යාපාරිකයෙකු මරලා – මැරෙනකන් බැට් වලිනුත් පහර දීලා

සීදුව ප්‍රදේශයේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් එක්ව ඔවුන්ගේ කෝටිපති මිතුරෙක් මරා දමා ඇති පුවතක් වාර්තා වනවා.

මරා දැමුණු පුද්ගලයා මෙම සංගීත කණ්ඩායමේ අයගේ සුවිශේෂී මිතුරෙක් බවයි පැවසෙන්නේ.

මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ සීදුව කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික්‌ සහ විසිතුරු මසුන් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතවූ බී. ඩී. ඩිලාන් නෙරන්ජිත් නමැති කෝටිපති ව්‍යාපාරිකයෙක්.

මොහු විශාල වටිනාකමක්‌ ඇති මෝටර් රථයක හිමිකරුවෙක්ද වන බවයි වාර්තා වන්නේ.

මෙම සංගීත කණ්‌ඩායමේ නායකයා සහ එහි ප්‍රධාන ගායකයා මුදල් සෙවීම සඳහා තම හිතවත් කෝටිපති ව්‍යාපාරිකයා මරා ඔහුගේ මෝටර් රථය පැහැරගෙන එය කොටස්‌ ලෙස ගලවා විකිණීමට සැලසුම්කර තිබෙනවා.

ඒ අනුව එම කෝටිපති ව්‍යාපාරිකයා එම සංගීත කණ්‌ඩායමේ සංගීත කාමරය තුළට උපක්‍රමශීලීව ගෙන්වා බැට්‌ පිතිවලින් පහරදී එම ව්‍යාපාරිකයාගේ ගෙල වයර්වලින් සිරකර මරා දමා තිබෙනවා.

පසුව ගෙලෙහි විශාල කළු ගල් බැඳ ඔහුගේ සිරුර දඬුගම් ඔයේ ගැඹුරු ප්‍රදේශයක ගිල්වා පලාගොස්‌ තිබෙනවා.

පසුගිය මැයි මස 23 දා මෙම ඝාතනය සිදුව ඇති බවටයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් සංගීත කණ්ඩායමේ නායකයා ඇතුලු සැකකරුවන් සියලූම දෙනා පොලීසිය විසින් මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරුවන් වන්නේ සංගීත කණ්‌ඩායමේ ප්‍රධාන ගායකයා වන දිවුලපිටිය තම්මිට පදිංචි සමීර ශාන් ප්‍රමෝද් පෙරේරා, සංගීත කණ්‌ඩායමේ අනිකුත් සාමාජිකයන් වන සීදුව බණ්‌ඩාරවත්ත පදිංචි දිනේෂ් උපේන්ද්‍ර, මාකවිට තම්මිට පදිංචි තරිඳු ටිරෝන් ජයරත්න සහ එම ප්‍රදේශයේ පදිංචි ලක්‍ෂිත දිල්ෂාන් නමැති අයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!