Gossip

ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන ලොකුවට කතා කරපු සුගන්දිකා ප්‍රනාන්දු අධිකරණයට අමුතු ඇඳුමක් ඇඳන් ගිහින්

ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් අනාවරණය කළ නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දුට මාරවිල අධිකරණයේදී දැඩිව අවවාද කර තිබෙනවා.

ඒ එම අධිකරණයේ පැවති නඩු විභාගකයට සුගන්ධිකා ප්‍රනාන්දු ඇඳගෙන පැමිණි ඇඳුම නිසා බවයි වාර්තා වන්නේ.

මේ නිසා අධිකරණයට අගෞරවයක් වූ බව පවසමින් මාරවිල නීතිඥ සංගමය ඇයට විරුද්ධව පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.

දින කිහිපයක් තිස්සේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා ඇය පැමිණ ඇති අතර එහිදී, ඇය පිජාමා වර්ගයේ ගවුම් ඇඳ පැමිණ තිතෙබනවා.

මේ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමෙන් පසු අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඇගේ ඇඳුම සම්න්ධයෙන් ප්‍රකාශයක් කරමින්, “නීතිඥවරයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රීති මාලාවේ රීති අතරන් හත්වැනි රීතිය යටතේ දැක්වෙන ආකාරයට අධිකරනයට සුදුසු ආකාරයෙන් පැමිණ නොමැති බව අධිකරණය නිරීක්ෂනය කරනවා” යැයි පවසා තිබෙනවා.

කෙසේවෙතත් නීතිඥ සුගන්දිකා ප්‍රානන්දු එය පිලිගෙන ඊයේ (20) දිනයේ තිබූ අනෙක් නඩුවලට පෙනී නොසිට අධිකරණයෙන් පිටව ගොස් තිබෙනවා.

මේ පිළිබඳව ඇගෙන් කළ විමසීමකදී අදාල සිදුවීම සත්‍ය බවත් තමා ගවුමක් ඇඳ අධිකරණය ගිය බවත් පිළිගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!