Gossip

රෝහලේ දී මියගිය කොවිඩ් ආසාදිත තරුණයාගේ ලක්ෂ 4ක මාලය අතුරුදන්

එම්.ඒ. දුලන්ජ ලක්ෂාන් පෞද්ගලික ඉදිකිරීම් සමාගමක සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

වව්නියාවේ පදිංචි වී සිටි දුලාන්ජ පසුගිය දා හදිසියේ අසනීප වී වව්නියාව රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදී ඔහු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබුණා.

පසුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දුලන්ජ ට අසාධ්‍ය වී අනතුරුව සැප්තැම්බර් 14 වනදා අවාසනාවන්ත ලෙස මියගියා.

ඒ අනුව රෝහලෙන් නිවසට දැනුම්දී තිබුණේ ඔහුගේ ගෙල තිබූ රන් මාලය සහ අනෙකුත් භාණ්ඩ පැමිණ භාරගන්නා ලෙසයි.

පසුව, ඔහු ප්‍රතිකාර ගත් රෝහල් වාට්ටුවේ නිලධාරියෙකු විසින් දුලන්ජ ගේ භාණ්ඩ ඇතුළත් පාර්සලය ඔහුගේ පියාට භාරදී තිබුණා.

නමුත් දුලාන්ජගේ ගෙලෙහි තිබූ රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා රන් මාලය වෙනුවට ව්‍යාජ මාලයක් එහි දමා ඇති බව නිවැසියන් අවබෝධ කරගෙන තිබුණා.

එම පාර්සලට පියා අතට දෙනවිට අදාළ නිලධාරියා පවසා ඇත්තේ එහි තවමත් විෂබීජ ඇති නිසා දින 7ක පසු විවෘත කරන ලෙසයි.

දුලන්ජ ගේ දෙමව්පියන් ඉල්ලා සිටින්නේ මියගිය පුතුට සාධාරණයක් වන ලෙස ඔහුගේ රන් මාලය සොයා දෙන්න කියලා.

ඔහුගේ පවුලේ අය මේ වනකොට මේ සම්බන්ධයෙන් වව්නියාව පොලිසියේ පැමිණිල්ලක් ද ගොනු කරලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!