Gossip

රූමත් විවාහක කතකට පෙම් බැඳි නිසා දත් කැඩෙන්න ගුටි කෑ පෙම්වතා

වසර කීපයක්‌ මැදපෙරදිග ගෘහ සේවිකාවක්‌ වශයෙන් සේවය කර මෙරටට පැමිණි 42 හැවිරිදි විවාහක කාන්තාවක්‌ සිය බිරිඳ ලෙස තබාගෙන සිටි වයසින් බාල යුද හමුදා සෙබළෙකුගේ දත් කැඩෙන්නට පහරදුන් ඇයගේ නීත්‍යානුකූල සැමියා හා මාමණ්‌ඩිය අත්අඩංගුවට ගැණුනු පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිසිය පවසන අන්දමට කාන්තාවට වඩා අවුරුදු දහයකින් බාල අවිවාහක යුද හමුදා සෙබළා අනුරාධපුර යාපනය හන්දියේදී දරුණු ප්‍රහාරයකට ලක්‌ වී දින කිහිපයක්‌ අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පසුගියදා අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර තිබෙනවා.

මැදපෙරදිග සිට පැමිණි රූමත් 42 හැවිරිදි කාන්තාව හා 32 හැවිරිදි යුද හමුදා සෙබළා අතර තිබූ ප්‍රේමයේ ප්‍රතිඵලයක්‌ ලෙස දෙදෙනා පසුගිය දිනක සිට එකට පවුල් කෑමට පටන්ගෙන ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණු අතර තරුණ සෙබළාට පෙම් බඳින ඇයට සැමියාව දාව වයස අවුරුදු 22 ක්‌ පමණ වන තරුණ විවාහක පුතකුද සිටිනවා.

කාන්තාවගේ සැමියා ඇයට සෙනෙහසින් සිටින බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණු අතර සෙබළා සමඟ තිබූ අනියම් පෙම වර්ධනය වී දෙදෙනා අඹු සැමියන් ලෙස කල්ගෙවීමට තීරණය කර තිබෙනවා.

සැමියා එපා වී නිවසින් නික්‌ම ගිය බිරිඳගේ බඩු මුට්‌ටු සියල්ලම රැගෙන යන ලෙස සැමියා පසුගියදා සෙබළ පෙම්වතාට දන්වා ඇති අතර ඔහුගේ උගුලට අසු වූ සෙබළා සිය පෙම්වතිය සමඟ බඩු බාහිරාදිය රැගෙන යැමට ඔහුගේ නිවසට ගිය අවස්‌ථාවේ දැවැන්ත පහරදීමකට ලක්‌ වී තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලැබූ යුද හමුදා සෙබළා පසුගියදා (21 දා) දිනයේ අනුරාධපුර මූලස්‌ථාන පොලිසියට වැඩිමහල් පෙම්වතිය සමඟ පැමිණ පහරදුන් ඇගේ සැමියාට හා ඔහුගේ පියාට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඒ අවස්‌ථාවේ පොලිස්‌ නිලධාරියකු පවුල් ආරවුලක්‌ සහිත ගැටුම විසඳීම සඳහා සෙබළාට ඇගේ පෙම්වතිය වසර 10 ක්‌ වැඩිමල් නේද යනුවෙන් විමසූ අවස්‌ථාවේ ‘‘ඒක මගේ කැමැත්තනේ‘‘ යනුවෙන් පවසා ඇති බවටයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!