Gossip

රුසියානු හෙදියගේ කොරෝනා ඇඳුමෙන් අන්තර්ජාලය කැළඹෙයි – මෙන්න හේතුව

රුසියාවේ මොස්කව් නගරයට සැතපුම් 100ක්  දකුණු පසින් පිහිටි  ටුලා කලාපීය රෝහලේ  පිරිමි කොරෝනා වෛරස් ආසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටින වාට්ටුවක  සේවය කරන තරුණ  හෙදියක් විසින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඇයට සපයා දී ඇති විනිවිද පෙනෙන පුද්ගල ආරක්ෂණ ඇඳුමට  (පීපීඊ ) යටින් හෙදියන් පළඳින නිල ඇඳුම නොපැළඳ  යට ඇඳුමින් පමණක් සැරසී රෝගීන්ට සත්කාර කිරීමේ සිද්ධියක් එරට  සමාජ මාධ්‍ය ජාලා කළඹවා තිබේ.

මෙසේ සිය නිල ඇඳුම නොපැළඳ යට ඇඳුමින් පමණක් සැරසී එයට පිටින් ශරීරය විනිවිද පෙනෙන  පුද්ගල ආරක්ෂණ ඇඳුම යොදාගෙන පිරිමි කොරෝනා වෛරස් ආසාදිතයින්ට ප්‍රතිකාර  කරන හෙදියගේ ජායාරුපයක් ගෙන අන්තර්ජාලයට මුදා හැර ඇත්තේද ඇය සේවය කරන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයෙකු විසිනි . ඔහු එම ජායාරුපයට යටින්  සඳහන් කර ඇත්තේ හෙදියගේ ක්‍රියාව පිළිබඳව වාට්ටුවේ සිටින රෝගීන්  කිසිවෙකු පැමිණිලි කර නොමැති බවකැයි  එංගලන්තයේ පළ වන ඩේලි මේල් පුවත්පත පවසයි.

මෙසේ අන්තර්ජාලයට මුදා හැර තිබු වයස අවුරුදු 20 ගණනක පසු වන හෙදියගේ අඩ නිරුවත ප්‍රදර්ශනය වන  ජායාරුපය මොහොතකින් අන්තර්ජාලය පුරා වෛරසයක් මෙන් පැතිර ගොස් ඇති අතර මෙම සිද්ධිය පිළිබඳව හෙදිය සේවය කරන රෝහලේ ප්‍රධානින් විසින්  ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව පවසා තිබේ .එහෙත් මෙම නිළ ඇඳුම නොපැළඳ යට ඇඳුමින් සැරසී පුද්ගල ආරක්ෂණ ඇඳුමක් පිටතින් ලා ගෙන කොරෝනා ආසාදිතයින්ට සත්කාර සේවාවන් සැපයු හෙදිය මේ පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ  කොරෝනා ආසාදිතයින් සිටින වාට්ටුවේ වායුසමීකරණ යන්ත්‍රයක් නොතිබීම හේතුවෙන්  අධික රස්නයක් දැනෙන බවත් ඒ නිසා තම  නිළ ඇඳුම නොපැළඳ යට ඇඳුමින් පමණක් සැරසී සේවය කළ බවයි ,යට ඇඳුම්වලට පිටතින් පැළඳි පුද්ගල ආරක්ෂණ ඇඳුම  මෙතරම් විනිවිදබවකින් යුතු බව තමා දැන නොසිටි බවද ඇය විසින් සිය රෝහලේ ප්‍රධානීන්ට සිද්ධ්ය පිළිබඳව විස්තර කරමින් පවසා තිබේ.

කෙසේ වුවද අදාළ හෙදියට එරෙහිව නිළ ඇඳුම පැළඳීමේ වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන්  විනය පියවර ගන්නා බව හෙදිය සේවය කරන  රෝහල   පාලනය කරන කලාපීය සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ .මෙම සිද්ධිය පිළිබඳව මුලින් බළධාරීන් විසින් විමසා සිටි අවස්ථාවේදී හෙදියගේ රෝහලේ ප්‍රධානීන් පවසා ඇත්තේ හෙදිය යට ඇඳුම් පැළඳ සේවය කළ බවයි ,එහෙත් පසුව ඔවුන් පවසා ඇත්තේ ඇය නාන ඇඳුමින් සැරසී සිටි බවකි.

මෙම පුවත වාර්තා කළ ටුලා ප්‍රදේශයේ පුවත්පතකට සිය අදහස් පළ කර ඇති කිහිපදෙනෙකුම පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් හෙදියට එරෙහිව විනය පියවර නොගත යුතු බවයි .එක්තරා කාන්තාවක් ප්‍රකාශ කර ඇත්තේ හෙදිය රෝගීන්ගේ  දුක්බර පෙනුම යහපත් පෙනුමකට හරවා ඇති බවයි.තවත් අයෙකු පවසා ඇත්තේ හෙදිය මෙසේ ක්‍රියා කර ඇත්තේ  අධික රස්නයක් නිසා වීම හේතුවෙන් ඇයට චෝදනා කළ නොහැකි බවයි.මෙහිදී හෙදිය සේවය කළ වාට්ටුවට වායුසමීකරණ යන්ත්‍රයක් සවි නොකිරීම සම්බන්ධයෙන් රෝහල් කළමනාකාරිත්වයට බැණ වැදිය යුතු බව තවත් අයෙකු  කියා තිබේ.

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!