Gossip

රිය අනතුරකින් මියගිය කාන්තාව හත් දවසේ දානය දා සියල්ලන්ම විමතියට පත් කරමින් නිවසට එයි

අපිට සමහර වෙලාවට අහන්න දකින්න ලැබෙන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි.
ඒ විදිහේ කතාවක් අපිට අහන්න ලැබුණේ කුලියාපිටිය නැදලගමුව පැත්තෙන්.
පසුගිය දවසක නැදලගමුව පැත්තේ ජීවත්වුණු තිදරු මවක් ගෙදර සමග ඇතිවුණු අමනාපකමක් නිසා නිවසින් පිටව ගොස් තිබෙනවා.
කලක් ගතවෙත්ම ඇයගැන තොරතුරක්ද නොමැතිව ගොස් තිබෙනවා.
ඉන් පසුව මෙම ඇගේ දරුවන් දේවාලයකට ගොස් සාස්තරයක් ඇසූ පසු පවසා තිබෙන්නේ ඇය රිය අනතුරකින් මරණයට පත්ව ඇති බවයි.
ඇයට පින් අනුමෝදන් කර දානයක් ලබාදෙන බවට මෙම සාස්තරකරු විසින් පවසා තිබෙනවා.
මෙම සාස්තරකරු පිළිබඳව ඇති දැඩි විශ්වාසය නිසා මෙම නිවැසියන් හත්දවසේ දානයක් දීමට සැලසුම් කර තිබෙනවා.
අපූරු සිදුවීමනම් එම දිනයේදී මෙම මව නිවසට පැමිණීමයි.
පසුව ඔවුන්ටද බැනවැදී පැමිණ සිටි පිරිසද පන්නා දමා ඇති බවටයි එම ප්‍රදේශයේ පුද්ගලයෙකු අපහට පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!