Gossip

“රිද්මා නිසා හදිසියේම මගේ සිතේ ඇතිවුණු ඒ අදහස වෙනස් වුණා, මම කිසිම දවසක විවාහ වෙන්නේ නෑ කියලා හිතුවා”

රොෂාන් පිලපිටිය ගැන පසුගිය දවස් ටිකේම අන්තර්ජාලය පුරා කතා වුණා.
මේ කතා අස්සේ රොෂාන් සහ රිද්මා පසුගියදා යුගදිවියට පා තැබුවා.
මේ සතිඅන්ත පුවත්පතක ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය ගැනත් අලුත්ම තොරතුරු ගැනත් සටහන්වූ අයුරුයි.

“ඉතින් අලුත් ජීවිතය සුන්දරයි ද?”
“ඇත්තටම ජීවිතය බොහොම හොඳයි. කිසිම වරදක් නැතිව සතුටින් ගලාගෙන යනවා. ඒ අතර එහි සුන්දරත්වය විඳීන ගමන්ම අනෙක් නිර්මාණ කටයුතුවලත් යෙදෙනවා.”

“ඒත් ඔබ කලකට ඉහතදි නම් පැවසුවේ කිසිම දිනෙක විවාහයක් ගැන සිතන්නේ නැති බවයි”
“ඔව්. ඇත්තටම මීට ටික කාලයකට පෙර මම සිතාගෙන සිටියේ නම් ඒ විදියටයි. ඒත් හදිසියේම වගේ මගේ සිතේ ඇතිවුණු ඒ අදහස වෙනස් වුණා. ඒ රිද්මා නිසයි.”

“මුලින්ම ඔබ දෙපළ අතර ඇතිවෙන්නේ මිතුරුකමක් ද?”
“රිද්මා අවුරුදු පහක හයක කාලයක පටන් මගේ මිතුරියක්.
ඒ මිතුරුකමත් එක්ක අපි බොහෝ දේවල් කතාබහ කළා. කලාව ගැන වගේම ජීවිතය ගැනත් කතා කළ අවස්ථා තිබුණා.
එහෙම කාලය ගතවනවිටයි මට හැඟුණේ මගේ අදහස්වලට ඇගේ අදහස් බොහොම හොඳට ගැළපෙන බව. ඉන් ඔබ්බට ගිහින් ඒ ගැළපීම ආදරයක් දක්වා ලියලා වැඩුණා.”

රොෂාන් – රිද්මාගේ සිතේ කාලයකදි ලියලා වැඩුණු මිතුදම අනුව රොෂාන්ගේ සිත ගැන රිද්මා දැනගෙනයි සිටියේ.
“ඒ කියන්නේ විවාහයක් ගැන නොසිතන බව රොෂාන් රිද්මටත් කිව්වද?”

“අපේ අතර තිබුණු මිතුරුකම අතරෙදි මම රිද්මටත් කිව්වේ මම කිසිම දවසක විවාහ වෙන්නේ නැහැ කියලා.
ඒත් කල්යත්ම අපි දෙන්නාගේ අදහස් අපූරුවට ගැළපුණා. මීට වසරකට, දෙකකට පෙර ඒ දැනුණු ගැළපීමත් සමඟ මගේ සිත ඈ කෙරෙහි ආදරයෙන් බැඳුණා.”

“පසුගිය කාලයේ ඔබගේ ජීවිතයේ පැන නැඟුණු ප්‍රශ්න නිසා ඔබ ගැන ඇගේ සිතේ තිබුණු පැහැදීමට මොකද වුණේ?”
“කාලයක් යද්දි මම කියන්නේ කවුද කියලා රිද්මාට තිබුණේ මනා අවබෝධයක්. ඒ අවබෝධය නිසයි අපි පසුව එකඟතාවකට ආවේ. මේ විදියට හැමදාම ඈත්වෙලා ඉන්න ඕන නැහැ, විවාහ වෙමු කියන අදහස මල්ඵල ගැන්වෙන්නේ ඒ අවබෝධයත් සමඟයි.”

“ජනප්‍රිය තලයේ ඉන්න රොෂාන් වගේ රංගන ශිල්පියෙක් තමන්ගේ සැමියා කරගන්න භය සිතුණේ නැද්ද?”
‘‘අපි කාලයක් ඇසුරු කළ නිසා රොෂාන්ව මගේ සැමියා විදියට තෝරා ගන්නට මා බිය වුණේ නැහැ. මොකද ඔහු බොහොම අවංක කෙනෙක්. හැමදෙයක්ම වගේ විවෘතව කතාබහ කරන කෙනෙක්. ඒ වගේම සරලයි. මිනිස්සුන්ට වගේම සතුන්ට, ගහකොළට පවා ආදරය කරන කෙනෙක්. ඔහුගේ සිතේ මනුස්සකම පිරිලා තිබෙනවා. මේ හේතු නිසා මා ඔහුට බොහොම කැමැති වුණා.”

“මව්පියන්ගේ ආශිර්වාදය ඔබ දෙපළටම හිමිවුණා”
“කලින්ම රොෂාන් ගැන මගේ මමාත්, පපාත් දැනගෙන සිටිය නිසා අපි දෙන්නාගේ ආදරයට ඒ දෙන්නාගේ ආශීර්වාදය ලැබුණා. ඔවුන්ගේ ආශීර්වාදයත්, රොෂාන්ගේ අම්මාගෙත්, අප්පච්චිගෙත් ආශිර්වාදය මැද අපි දෙන්නා අතිනත ගත්තා.”

“විවාහ වුණු අලුත මනාලිය ළඟටම වෙලා ඉන්න රොෂාන්ට කාලය නෑ වගෙයි”
“මේ දවස්වල මම තරමක් කාර්යබහුල චරිතයක් බවට පත්වෙලා. එක දිගට ටෙලි නාට්‍ය හතක් විකාශනය වීමත් සමඟයි ඒ තත්ත්වය උදාවුණේ. එක දිගට නිර්මාණ භාර නොගත්තත් කලින් කරන ලද නිර්මාණ එක් කාලයක විකාශය වීමත් සමඟ මට නිර්මාණවලට කාලය දෙන්න සිද්ධ වුණා.

ඒ නිසා මට රිද්මත් එක්ක ගත කරන්න තිබෙන කාලය අඩුවුණා. මේ නිසා ඉදිරියේ දී මේ වැඩ කටයුතු තරමක් අඩුවුණාට පස්සේ ඇයත් එක්ක කාලය ගත කරන්නයි සිතාගෙන ඉන්නේ.”

“රොෂාන් වගේ රිද්මත් රංගනයට පිවිසේවි ද?”
“රඟපෑමට එන්නට මගේ නම් කිසිම අදහසක් නැහැ.”

“පසුගිය කාලයේ සමාජ වෙබ් අඩවිවල ඔබ ගැන විවිධ කටකතා ප්‍රචාරය වුණා. ඒක ඔබ දෙපළට ප්‍රශ්නයක් වුණේ නැද්ද?”
“රිද්මා මා ගැන වගේම මා රිද්මා ගැනත් ඉන්නේ නිවැරැදි අවබෝධයෙන්. ඒ නිසා ඔය විවිධ කතා ගැන අපි දෙන්නම ගණන් ගන්නේ නැහැ. අනෙක් එක ඒ ඒ එක් එක් දේවල්වල යන තොරතුරු සොයන්න අපට කාලයකුත් නැහැ.
ඒ වගේම අනෙක් කාරණය නම් නිතරම සමාජ මාධ්‍ය අපි භාවිත කළ යුත්තේ අපට යමක් ඉගෙන ගැනීමට අවශ්‍ය දෙයක් සොයා ගැනීමටයි. එහෙම නැතිව අනෙක් අයගේ ඕපදූප සොයනවාට වඩා තමන්ගේ ජීවිතයට වැදගත් වන යමක් සෙවීමට ඒ මාධ්‍ය යොදා ගන්නවා නම් වඩාත් හොඳ බවයි අප දෙදෙනාම සිතන්නේ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!