Gossip

රාත්‍රී සමාජ ශාලාවක බීමතින් නටමින් සිටි කාන්තාවන් 33දෙනාට එරෙහිව වාර්තාගත දඩයක්

නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ වරදට ලංකාවේ අධිකරණයක් මගින් මෙතෙක් නියමකළ වැඩිම දඩ මුදල, මහර අධිකරණයේ අංක එක වැඩබලන මහෙස්ත්‍රාත් වාසනා එල්ලාවල මහත්මිය ඊයේ (02) නියෝග කළා.

ඒ, කඩවත මංකඩ පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක බීමතින් නර්තනයේ යෙදී සිටි කාන්තාවන් 33 දෙනෙකුට එරෙහිවයි.

එක් කාන්තාවකට රුපියල් 7,500 බැගින් රුපියල් 247,500 දඩමුදලක් ගෙවීමට සිදුවුණා.

පසුගිය ජනවාරි මස 9 වනදා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් කඩවත මංකඩ පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් වටලා තිබුණා.

එහි බීමතින් නර්තනයේ යෙදී සිටි එම කාන්තාවන් අත්අඩංගුවට ගෙන කඩවත පොලීසියට භාරදීමෙන් පසුව මහර අධිකරණයේ එම නඩුව පවරා තිබුණා.

එම කාන්තාවන් වයස අවුරුදු 22ත් 44ත් අතර වයස් කණ්ඩයේ පසුවන අය බවත්, ඔවුන්ගෙන් බහුතරයක් දික්කසාද වූ අය බවත් වාර්තා වෙනවා.

විවිධ ප්‍රදේශවලින් පැමිණි අය ඒ අතර සිටින බවත් මඩකලපුවේ පදිංචිකාරියක්ද ඒ අතර සිටින බවත් පොලීසිය අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

සැකකාරියන් සියලුදෙනා මත්පැන් පානය කර සිටි බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකාරියන් සියලුදෙනා රුපියල් 50,000ක ශරීර ඇපමත මුදාහැර තිබූ අතර, ඔවුන් ඊයේ අධිකරණය ඉදිරියේ වරද පිළිගත් බැවින් මෙම දඩ මුදල නියමකෙරුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!