Gossip

රාජිත පමණක් නොව රිෂාඞ්වත් අල්ලන්න – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

රාජිත සේනාරත්න පමණක් නොව රිෂාද් බදුයුදීන් මහතා ද අත්අඩංගුවට ගෙන වහා නීතිය හමුවට පැමිණිවිය යුතුයැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ ( 14 ) වැනිදා සඳහන් කළහ.

ඔහු නියමින් හෝ අනියමින් මේ රටේ සමාජ බෙදුම්වාදය ගොඩනැගීමට, උන්මත්තක ඉස්ලාමීය අන්තවාදය ඔඩු දිවීමට උවමනා කරන දේශපාලන රැකවරණය දුන් ඉහළ පෙළේ දේශපාලන නායකයකු වන බවට ද උන්වහන්සේ චෝදනා කළහ. ඔහු අත්අඩංගුවට නොගැනීම මේ රටේ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්නයක් බවත් කියා සිටි ඥනසාර හිමියෝ ඔහු අත්අඩංගුවට ගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්නැයි රජයට මතක් කර සිටින බවත් කීහ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ ( 14 ) වැනිදා එම අදහස් පළ කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!