Gossip

රාජකීය පවුලට අලුතින් එකතු වූ මේගන් පළමු සම්ප‍්‍රදාය බිඳ දමයි

පසුගිය දවස්වල මුළු ලෝකෙම අවධානය යොමු වූ කාරණයක් තමයි හැරී – මේගන් රාජකීය විවාහය.

කොහොමවුණත් මේ විවාහය ගැන මේ වෙද්දි නැවතත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ඒකට හේතුව තමයි මේගන් මාකල් රාජකීය සම්ප‍්‍රදායයන් අතරින් එකක් පළමු වරට කඩා දැමීම.

පහුගිය දවසක ලන්ඩනයේ වාර්ෂික තුරඟ තරග සමාරම්භක උත්සවය පැවැත්වුණ අතර රාජකීය සම්ප‍්‍රදායට අනුව මේ උත්සවයට එන හැම රාජකීයයෙකුම තමන්ගේ නම සඳහන් බැජ් එකක් පැලඳිය යුතු වෙනවා. මේ බැජ් නිර්මාණය කරන්නෙත් තුරඟ තරග සංවිධායකයන් විසින්මයි.

මේ විදියේ බැජ් එකක් පලඳින්න ඕනෙ නැත්තේ එළිසබෙත් රැජින විතරයි. කොහොම වුණත් මේ උත්සවයට ගිය විලියම්, කේට්, හැරී ඇතුළු සියලූම දෙනා බැජ් පැලඳ සිටියත් මේගන් විතරක් බැජ් එක පැලඳ ඉඳලා නැහැ.

මේ හේතුව නිසා බ්‍රිතාන්‍ය මාධ්‍යයෙන් වගේම සාමාන්‍ය ජනතාවත් මේගන්ට චෝදනා කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!