Gossip

රසික හදවත් සංගීතයෙන් සැනසූ ගිහාන් සියදිවි හානිකරගෙන නෑ – මෙය මිනීමැරුමක්ද?

ජනප්‍රිය සංගීත කණ්ඩායමක විදුලි ඕගන වාදන ශිල්පී 32 හැවිරිදි ගිහාන් රත්නායකගේ මරණය සැක සහිත බව පොලීසිය ප්‍රකාශ කළා.

කෙසේවෙතත් මේ වනවිට ගිහාන්ගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ගිහාන් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පෙරේදා රාත්‍රියේ ගම්පහ – ඔරුතොට මාර්ගයේ කළුපාලම අසළ පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණු අතර පසුව අනාවරණය වී ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක විදුලි ඕගන වාදන ශිල්පී ගිහාන් රත්නායක බවටයි.

මේ අතර ගිහාන් ෆේස්බුක් ගිණුමේ පෙරේදා පස්වරු 6.59 ට පමණ වීඩියෝ සටහනක් තබා තිබුණා.

එහි දැක්වුණේ අදාළ වීඩියෝවේ සඳහන් පුද්ගලයා තමන්ගෙන් රුපියල් ලක්ෂ 40 ක මුදලක් ලබාගෙන තර්ජනය කරන බවයි.

ඔහු ගම්පහ ප්‍රදේශයේ ප්‍රවාහන සේවා සපයන ආයතනයක අයෙකු ලෙස එහි හඳුන්වා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!