Gossip

රසික හදවත් ආදරයෙන් වැළඳගත් හැමතැනම කතාවෙන රාවණා ටෙලි සිත්තමේ, රාවණාගේ චරිතය රඟපාන්නේ කවුද..?

පසුගිය මාසයේ 25 වැනිදා පටන් ටී.වී. දෙරණ නාලිකාවෙන් දැවැන්ත ගණයේ ටෙලි නාට්‍යයක් විකාශය ආරම්භ වුණා. ඒ ටෙලි නාට්‍යයේ නම තමයි “රාවණ”. සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රියේ රස විඳින්නට ලැබෙන මෙම ටෙලි නාට්‍යයෙන් රාවණ ගැන බොහෝ දෙනා දන්නා කතාවට එහා ගිය කතාවක් තමයි පෙන්වන්නට සූදානම් වෙන්නේ. කොටින්ම කියනවා නම් ‘රාවණ’ ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් හමුවන්නේ බොහෝ දෙනා දන්නා වාල්මිකීගේ රාමායණයේ එන රාවණා ‍නෙවෙයි. රාවණ ටෙලි නාට්‍යයේ විකාශන කටයුතු මේ වනවිට ආරම්භ වී තිබුණත්, එහි ප්‍රධාන චරිතය රඟපාන නළුවා කවුරුන්ද යනවගත් තවමත් ප්‍රේක්ෂකයන්ට රහසක්. ඒ රහස පිටුපස ඇති ඇත්තම කතාව අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් මෙලෙස හෙළිකර තිබුණා.

රාවණ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන්නේ රාවණයි. ඒත් තවම නළු නිළි නාමාවලියේවත් රාවණගේ චරිතය රඟපාන නළුවාගේ නම සඳහන් වන්නේ නැහැ. ඇයි ඔබලා රාවණව හංගාගෙන ඉන්නේ?
“රාවණ” ටෙලිනාට්‍යයේ රාවණගේ චරිතය ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්නේ එහි කොටස් 40 ගණනක් විකාශය වුණාට පසුවයි.
ඒ වනතුරු අපි රාවණ හංගාගෙන ඉන්නේ ටෙලි නාට්‍යයේ කුතුහලය ඒ වෙනකන් රඳවාගන්න ඕනෑ නිසයි.

සම්පූර්ණ ටෙලි නාට්‍යයම මේ වනවිට රූගත කර අවසන්ද?
මෙය කොටස් 150ක විතර ටෙලි නාට්‍යයක්. මේ වනවිට කොටස් 40ක් විතර තමයි රූගත කර අවසන් කරලා තියෙන්නේ.

ලංකාවේ වැඩිම මුදලක් වැයකර නිර්මාණය කරනලද ටෙලි නාට්‍යය මෙය බව ඇත්තද?
ඔව්, මෙහි අතිරේක චරිත සඳහා පවා යොදාගෙන තියෙන්නේ ප්‍රවීණ නළු නිළියෝ. මෙහි නළු නිළියෝ 35ක් පමණ රඟපානවා.
දර්ශන තල ඇඳුම් ආදියටත් විශාල පිරිවැයක් දරනවා. දැනට රූගත කළ කොටස් වෙනුවෙන් කෝටි පහක් පමණ වැයවෙලා තියෙනවා. සම්පූර්ණ රූගතකිරීම් සඳහා ඉතා විශාල මුදලක් වැයකරන්න වේවි කියලා අපි හිතනවා.

මෙවැනි දැවැන්ත ටෙලි නිර්මාණයක වගකීම බාර දීමට සුදුසුම කෙනා ඔබ බව දෙරණ නාලිකාව තීරණය කළේ කොහොමද?
ඒක හරිම අපූරු කතාවක්. මම වසර 18ක් තිස්සේ රාවණ ගැන අධ්‍යයනය කරනවා. හැබැයි දෙරණ නාලිකාව මේ කටයුත්ත මට භාර දෙන විට ඒ අය ඒක දැනගෙන හිටියේ නැහැ.
දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා මට හමුවෙන්න කියා කතා කරද්දීත් මම දැනගෙන හිටියේ නැහැ රාවණ කතාව ටෙලි නාට්‍යයකට නැගීමේ වගකීම මට භාර දෙන්න යන බව.

රාවණ කියන්නේ කල්පිතයක් බව පවසන අය වගේම රාවණ සැබෑම චරිතයක් බව පවසන පිරිසකුත් ඉන්නවා. ඒ පිළිබඳ ඔබේ මතය කුමක්ද?
රාවණ කියන්නේ කල්පිතයක් නොවෙයි. මේ රටේ සැබෑවටම හිටි අසාමාන්‍ය ඥාන ශක්තියකින් හෙබි පුද්ගලයෙක්.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!