Gossip

රථ වාහන දඩ මුදල් ඩබල් වෙයි

15දා සිට රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන දඩ මුදල වැඩි කෙරෙන බව රථ වාහන පොලීසිය පවසනවා.

ජංගම දුරකථන භාවිත කරමින් රථවාහන ධාවනය කරන රියදුරන්ට සහ ආරක්ෂිත බඳපටි නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට රුපියල් දහසක දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.

මීට අමතරව වැඩිපුර මගීන් රැගෙන යන බස් රථවල රියදුරන්ගෙන් රුපියල් 500ක දඩ මුදලක් අය කිරීමටත් නියම කර තිබෙනවා.

ශ්‍රවණ උපකරණ (හැන්ඩ් – ෆ්‍රී) භාවිත කරමින් රිය ධාවනය කළහොත් එයටද දඩ පත්‍රිකාවක් නිකුත් කරන බවයි පැවසෙන්නේ.

එමෙන්ම මින් පෙර දඩ කොළයෙහි සටහන්ව තිබුණේ වැරදි 23ක් වන අතර, එය 33 දක්වා වැඩි කර තිබීමද විශේෂත්වයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!