Gossip

රත්නපුරයේ හිමිනමක් පොලිස් නිළධාරියෙකුගේ ගෙල මිරිකා මරා දමයි – නිළධාරියා බේරගන්න ගිය අයටත් බෝම්බ ගහලා

රත්නපුරයේ පිහිටි විහාරස්ථානයකදී හිමිනමක් විසින් පොලිස් සාජන්වරයෙකුගේ ගෙල මිරිකා මරා දමා තිබෙනවා.

අදාළ හිමිනම අධිකරණයේ විභාගවන නඩුවක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ මගහැර සිට ඇති අතර සාජන්වරයා විහාරස්ථානයට ගොස් තිබෙනවා.

ඉන් අනතුරුවයි අදාළ හිමිනම පොලිස් සාජන්වරයාගේ ගෙල මිරිකා මරා දමා ඇත්තේ.

පොලිස් නිළධාරියා උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර අවට නිවෙස්වල අය පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ ගැන දැනුම් දී තිබෙනවා. එහෙත් ඔවුන් පැමිණෙන විටත් අදාළ පොලිස් නිළධාරියා මියගොස් තිබෙනවා.

එමෙන්ම පොලිස් කණ්ඩායම විහාරස්ථානයට පැමිණෙන අවස්ථාවේදී මෙම හිමිනම පොලිස් නිළධාරීන් සිටින දෙසට අත් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කිරීමට උත්සාහ දරා තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී රත්නපුර මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හිමිනමගේ අතට පොල්ලකින් ගසා ඔහුව අඩපණ කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!