Gossip

“රණ්ඩු ඉවසන්න බැරි තැන පෙම්වතිය මරලා පුළුස්සලා දැම්මා” – එක්දරු පියා සියල්ල වමාරයි

තමා සමග රණ්ඩු සරුවල් කිරීම කරදරයක් වූ නිසා තම පෙම්වතිය මරා දැමීමට තීරණය කළ බව පොලිස් අත්අඩංගුවට පත් තැනැත්තකු පවසා තිබෙනවා.
පොලොන්නරුව, පුලස්තිගම බී. ඕ. ජී 317 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි ඇඟලුම් සේවිකාවගේ මරණයට සැකපිට අත්අඩංගුවට ගත් විවාහක එක් දරු පියෙකු වන සැකකරු පොලිසියට ඒ සම්බන්ධයේ පාපොච්චාරණය කර තිබේ.
පසුගිය අප්‍රේල් මස 10 වැනි දින පොලොන්නරුව ලක්‍ෂඋයන ප‍්‍රදේශයේ පිහිටි වෙල් යායක් අසල පාළු තැනකට තමාත් තම පෙම්වතියත් කතා බහ කිරීම සඳහා පැමිණි බවත්, එහිදී ඇය සුපුරුදු පරිදි තමා සමග රණ්ඩු කළ විට පිහියකින් ඇයගේ බෙල්ල කපා මරා දමා පසුව පෙට‍්‍රල් වත්කර ගිනි තැබූ බව සැකකරු පවසා තිබේ.
අප්‍රේල් 13 වැනි දින එම ස්ථානයට පැමිණ බැලූවිට මළ සිරුරේ හිස් කබල සහ ඇටකටු ඉතිරි වී තිබූ බවත් ඒවා නැවත ගිනි තබා විනාශ කළ බවත් ඔහු පවසා තිබේ.
පොලොන්නරුව, පුලස්තිපුර බී. ඕ. ජී. 317 අංක 03 ලිපිනයේ පදිංචිව සිටි අවිවාහක තරුණියක වන ඩබ්ලිව්. එල්. එම්. ඒ. ජී. අයේෂා කෞෂල්‍යා (23) යන අය මෙසේ ඝාතනයට ලක්ව ඇත. ඇය පොලොන්නරුව නගරයට නුදුරුව පිහිටි ඇඟලුම් කම්හලක රැකියාව කළාය. ඇය එහිම සේවය කළ විවාහක එක් දරු පියෙකු සමග පේ‍්‍රම සම්බන්ධතාවක්ද පවත්වාගෙන ගොස් තිබේ.
පසුගිය අප්‍රෙල් 10 වැනි දින සිට දියණිය නිවෙසින් අනතුරුදන්ව ඇතැයි ඇගේ පියා විසින් පුලස්තිපුර පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ පුලස්තිපුර පොලිසියේ පොලිස් කණ්ඩායමක් මේ තරුණිය සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය බව කියන විවාහක පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඔහු සියල්ලම පොලිසියට පාපොච්චාරණය කර තිබේ.
අපරාධය සිදු කළ ස්ථානය සැකකරු විසින් පොලිසියට පෙන්වා ඇති අතර පොලොන්නරුව, ලක්‍ෂ උයන ප‍්‍රදේශයේ වෙල්යායක් අසල පිහිටි ඒ ස්ථානය පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඝාතනයට ලක් වු තරුණියගේ මළ සිරුරේ අස්ථි කොටස් බවට සැක කෙරෙන අවශේෂ හමු වු බව විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන් පවසයි.
මේ අතර ඒ ස්ථානයේ තිබී හමු වු බව කියන පාවහන් යුගලක් තම දියණියගේ බවට ඇගේ පියා විසින් හඳුනාගෙන ඇතැයිද පොලිසිය සඳහන් කළේය.
අපරාධය සිදුව ඇත්තේ පොලොන්නරුව පොලිස් බල ප‍්‍රදේශයේ හෙයින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම පොලොන්නරුව මූලස්ථාන පොලිසිය මගින් සිදු කරන ලෙසට පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික වීරසේකර මහතා විසින් උපදෙස් දී තිබේ.
ඒ අනුව පොලොන්නරුව පොලිස් අධිකාරී තිස්ස ලාල්ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්. එස්. එම්. ජරූල් මහතා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්‍ෂණ සිදු කරති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!