Gossip

රටවල් දෙක අතර මගේ විවාහය වෙද්දී ලොකු ප‍්‍රශ්නවලට අපිට මූණ දෙන්න වුණා – දෙවෙනි ඉනිමේ බෝඩිමේ ඇන්ටි කියපු කතාව

සංගීතා තදානි කියන්නේ දෙවැනි ඉනිම ටෙලිනාට්‍යය හරහා මේ දිනවල ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. එම ටෙලිනාට්‍යයේ බෝඩිමේ ඇන්ටිගේ චරිත නිරූපණයෙන් එකතු වන ඇය මේ දිනවල තිරගත වන බිම්බාදේවි හෙවත් යශෝධරා චිත‍්‍රපටයේ ද මහා ප‍්‍රජාපතී ගෝතමිය ලෙසිනුත් ප්‍රේක්ෂක ඔබට දැකගන්න පුළුවන්.

ඔබ වර්තමානයේ ගොඩක් ජනප‍්‍රිය වුණේ දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ බෝඩිමේ ඇන්ටි විදිහට?
ඔව්. මම මෙතෙක් කරපු නිර්මාණ තුළින් මාව ජනතාව අතරට ගෙනාවේ දෙවැනි ඉනිම ටෙලිනාට්‍යය. එහි මම කරන බෝඩිමේ ඇන්ටිගේ චරිතය විවිධ දේවල් එකතු කරගෙන කරන චරිතයක්.

බෝඩිමේ ඇන්ටිගෙන් ආදරය දිනාගත්ත ඔබව මහා ප‍්‍රජාපතී කියන චරිතයත් එක්ක කවුද මේ බෝඩිමෙ ඇන්ටි කියලා හොයන්න ගත්ත පේ‍්‍රක්ෂක පිරිසකුත් ඉන්නවා නේද?
ඇත්තටම ඔව්. බොහෝ අය සිතුවේ යශෝදරා චිත‍්‍රපටයේ ඉන්නේ ගොඩක් ඉන්දියානු නළු නිළියන් කියලා. සාමාන්‍ය චරිත තුළින් මාව දැකපු අය යශෝදරා චිත‍්‍රපටයේ ප‍්‍රජාපතී චරිතයෙන් දකිද්දී ඇත්තටම මම කවුද කියලා සොයන්න ගත්තා. ඒ මම කියලා දැන ගත්තම මම දිහා පුදුමයෙන් බලපු අයත් හිටියා.

මහා ප‍්‍රජාපතී වගේ බෞද්ධයන්ගේ වන්දනාවට පාත‍්‍ර වන චරිතයක් නිරූපණය කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
මහා ප‍්‍රජාපතී ගෝතමියගේ චරිතය නිරූපණය කරන්න ලැබීම මම ජීවිතේ ලබපු ලොකු භාග්‍යයක්. ‘යශෝධරා’ චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයාගෙන් (දේශප්‍රිය) තමයි මට මේ ආරාධනය මුලින්ම ලැබුණේ. මට කතා කරලා කිව්වා මෙහෙම චරිතයක් සොයනවා සුනිල් ආරියරත්න සර්. සර් එක්ක කතා කරලා මේ චරිතේ කරන්න පුළුවන් ද කියන එක තීරණය කරන්න කියලා එතුමා මට කිව්වා. ඒ කියපු විදිහට මම ගිහින් සුනිල් සර්ව මුණ ගැහුණා. සර් මට චරිතේ ගැන කියද්දී මට ඒ කියපු විදිහට මම ගිහින් සුනිල් සර්ව මුණ ගැහුණා. සර් මට චරිතය ගැන කියද්දී මට ඒ චරිතය සාර්ථක කරගන්න පුළුවන් කියලා හිතුණා. සර්ටත් මම ගැන විශ්වාසයක් ඇති වෙන්න ඇති කියලා මම හිතනවා. මම පුළුවන් උපරිමයට ඒ චරිතයට සාධාරණයක් කළා.

නිළියක් වුණු පමණින් වන්දනීය චරිත කරන්න අමාරුයි. කොහොම ද මේ අභියෝගය භාර ගත්තේ?
ඇත්තටම මම රඟපාලා තියෙන ගොඩක් චරිත එදිනෙදා ජීවිතේට මුණ ගැහෙන චරිත වගේම සාමාන්‍ය චරිත. ප‍්‍රජාපතී ගෝතමී දේවියගේ චරිතය අහලා තිබුණට අත්දැකීමක් ලබලා තිබුණේ නැහැනේ. ඒ අභියෝගය මට පමණක් නෙමෙයි මෙහි රඟපෑ සියලූම නළු නිළියන්ට ලැබුණා. මේ චරිතයට සාධාරණයක් කරන්න චරිතයට පණ පොවන්න ලොකු මහන්සියක්, ලොකු කැපකිරීමක් මම කළා. දවස් 45 එක දිගට රූගත කිරීම් කළා. ඒ හැම දවසක්ම මට ලොකු අභියෝගයක් වුණා.

මේ චරිතයේදී ශරීරයට චීවරයක් දවටන්නේ ජීවිතේ පළමු වරට ද?
ඔව්. මේ මගේ ඇඟට චීවරයක් දැවටූ පළමු අවස්ථාව. ඒ දර්ශනය කළේ මම බොහොම භක්තියෙන්. චීවරයක් වැනි උත්තරීතර දෙයක් ඇඟට දවටන්න ලැබුණේ මගේ පෙර පිනකට කියලා මට හිතෙනවා. ඒ තුළින් රංගනයට තිබුණු ආසාව භක්තිය තවත් වැඩි වුණා. මම දෙවියන්ට පින් දුන්නා එවැනි උතුම් අවස්ථාවක් මට ලබා දුන්නට. ප‍්‍රජාපතීට පණ පොවනකොටත් බුදු දහම ගැන මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

ඔබ අදහන්නේ දෙවියන්ව. ඔබ ඉන්දියානු සම්භවයක් තියෙන කෙනෙක්. ඒ හැම දේම දාලා ඇයි ලංකාව ඔබේ ජීවිතයේ කොටසක් කරගත්තේ?
මම ලංකාවට ආදරෙයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්දියානු ජාතිකයෝ. මම විවාහ වුණේ ශ්‍රී ලංකිකයෙක් සමඟ. මට ලංකාවේ වගේම ඉන්දියාවෙත් පුරවැසිභාවය තියෙනවා. මම දැන් පදිංචි වෙලා ඉන්නේ ලංකාවේ. මම විවාහ වුණේ වර්තමාන රගර් ක‍්‍රීඩක ප‍්‍රදීප් බස්නායක සමඟ. මට ලොකු පුතෙක් ඉන්නවා.

ඇත්තටම රටවල් දෙක අතර මේ විවාහය වෙද්දී ලොකු ප‍්‍රශ්නවලට අපිට මූණ දෙන්න වුණා. ජාති, ආගම්, කුල, මළ මේ හැමදේම අපට බලපෑවා. ඒත් අවසානයේ ආදරේ ජය ගත්තා. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ ඉන්නේ ඉන්දියාවේ. ඒ නිසා නිතරම මම ඉන්දියාවට ගිහින් පවුලේ අය බලලා එනවා.

ඔබ වෘත්තියෙන් ගුරුවරියක්?
ඔව්. රංගනය මගේ වෘත්තිය නොවුණත් මම රංගනයට ගොඩක් ආදරේ කරන කෙනෙක්. මට රඟපාන්න ලැබෙන්නේ අහම්බෙන් ලැබුණු අවස්ථාවක් නිසා. ඒ නිසා නිදහස ලැබෙන හැම වෙලාවකම රඟපානවා.

කොහොම ද ලැබෙන ප‍්‍රතිචාර?
ඇත්තම කියනවා නම් ප‍්‍රතිචාර නම් ගොඩක් හොඳයි. “සංගීතා ඔයාගේ ඇක්ටින් නම් මරු” කියලා ක්ෂේත‍්‍රයේ ගොඩක් අය මට සුභ පැතුවා. බොහෝ අය පුදුම වුණා බෝඩිමේ ඇන්ටි ප‍්‍රජාපතී චරිතෙ කරනකොට.

චිත‍්‍රපටයට අමතරව ඔබ දායක වන ටෙලිනාට්‍ය නිර්මාණ තියෙනව ද?
ඔව්. ටෙලිනාට්‍ය තුනක මම වැඩ කරනවා.

‘අම්මා’ කියන චරිතයට ඔබ කොටු වෙලා වගේ කියලා හිතෙන්නේ නැද්ද?
චරිත තෝරා ගන්නකොට අම්මාගේ චරිතවලට මම පෞද්ගලිකව කැමැතියි. ඒ චරිතය මා කොටු කිරීමක් කරනවා කියලා මට දැනෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මට ආරාධනා ලැබෙන්නේ මව්වරුන්ගේ චරිතවලට. මව්වරුන්ගේම චරිත කරනවා කියලා සීමා දාගෙන නැහැ. මාත් අම්මා කෙනෙක්. ඒ නිසා මවකගේ චරිතයත් එක්ක ජීවත් වෙන එක මට බොහොම පහසුයි. මම විවිධ චරිත කරලා තියෙනවා. ඒවා තාම ප්‍රේක්ෂකයෝ දැකලා නැහැ. ඉදිරියේදී දැක ගන්න පුළුවන් වේවි.

චිත‍්‍රපට විචාරකයන්ගෙන් මේ චරිතයට ලැබෙන ප‍්‍රතිචාරය උණුසුම් ද?
චිත‍්‍රපට ගැන ගොඩක් හොඳ කියලා තියෙනවා. මට මගේ චරිතයට තවම නම් නරක ප‍්‍රතිචාරයක් ලැබිලා නැහැ. කලාව වෙනුවෙන් යමක් කරන්න කැමැතියි. මේ හැමදේකටම මට සහාය දෙන්නේ මගේ මහත්තයා. ඔහුගේ සහාය නැත්නම් මම අද රංගන ක්ෂේත‍්‍රයේ නැහැ.

ඔබට විවිධ භාෂාවන් කතා කිරීමේ හැකියාවක් තියෙනවා කියන්නේ ඇත්ත ද?
ඔව්. මට භාෂා පහක් හයක් විතර කතා කිරීමේ ශක්තිය තියෙනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!