ගාල්ල, මහමෝදර පාසල්වත්ත ප්රදේශයේදී පුතා විසින් තියුණු ආයුධයකින් පහරදී තම පියා ඝාතනය කර තිබෙනවා.
දෙදෙනා අතර ඇති වූ බහින් බස්විමක් දුරදිග යාමෙන් පුතා විසින් පියාට තියුණු ආයුධයකින් පරදී ඇති බව පොලීසිය සඳහන් කළේ.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පියා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ 53 හැවිරිදි මහමෝදර ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.
ඝාතනය සිදු කළ පුතා ප්රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසියට බාරදී තිබුණා.
ප්රදේශවාසීන් සිදු කළ පහරදීම් වලින් තුවාල ලැබූ සැකකාර පුත්රයා පොලිස් ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබන බව ගාල්ල පොලිසිය සඳහන් කළේ.