Gossip

රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන ලකුණු?

රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානියෙකුට වහා ඉල්ලා අස්වන ලෙස රජයේ ඉහළ තැනකින් උපදෙස් ලැබී තිබෙන බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

කාලයක් තිස්සේ අදාළ මාධ්‍ය ආයතනයේ ඉහළම පුටුවේ වැජඹුණු හෙතෙම මේවන විට එහි වසර 6 ට පමණ වැඩි කාලයක් සේවය කර තිබෙනවා.

අදාළ ආයතනයේ ශ්‍රීලනිප වෘත්තීය සමිති විසින්ද මෙම ආයතන ප්‍රධානියා ඉවත් කරන ලෙස අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබුණා.

එහෙත් කුමන හෝ බලවේගයක් හේතුවෙන් මොහුට එල්ලවූ චෝදනා එලෙසම තිබියදී අඛණ්ඩව  සිය පුටුව ආරක්ෂා කර ගැනීමට ඔහු සමත්වුණා.

විවිධ දූෂණ අක්‍රමිකතා චෝදනා රැසක් මොහුට එරෙහිව විවිධ අවස්ථාවන්වලදී හෙළිදරව් වී තිබුණා.

කෙසේ වෙතත් මෙවර ඔහුගේ  ඉල්ලා අස්වීම අනිවාර්යය වෙනු ඇති බව කියැවෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!