Gossip

“රඟපාන්න එපා කීවොත් ඉවත් වෙනවා – ඔහු පිටට අහිංසකයි” – ළඟදි විවාහ වුණු ධනංජි දැන් කියන කතාව

ක්ෂේත්‍රයේ ඉන්න දඟකාර, දක්ෂ රංගන ශිල්පිණියක් තමයි ධනංජි තාරුකා කියලා කියන්නේ. පසුගියදා පැවති පෙම්වතුන්ගේ දිනයේදී ඇය විවාහ වුණා. ඉතින් ඇයගේ අලුත් විස්තර ගැන ඇය පුවත්පතක් සමග කියලා තිබුණේ මේ විදියට.

කොහොමද ධනංජි ?
හොඳින් ඉන්නවා.

අලුත් ජීවිතේ හොඳයිද ?
හොඳයි. සතුටෙන් ගෙවනවා.

කොහෙද දැන් පදිංචිය..
කොට්ටාවේ. සුදම්ගේ ගෙදර.

විවාහ උත්සවයක් ගන්න බලාපොරොත්තුවක් නැද්ද?
විවාහ උත්සවයක් ගන්න බලාපොරොත්තුවක් නෑ. විවාහ ගිවිස ගැනීම විවාහ උත්සවයක් වගේම සිදුකළා. බලාපොරොත්තුවක් තිබෙනවා ඉදිරියේදි කට්ටියට පොඩි සංග්‍රහයක් කරන්න.

කිරිල්ලියක් වගේ සිටිය ධනංජිට විවාහය බරක් නෙමෙයිද?
අපෝ නැහැ. මට පුළුවන් ඕනෑම විදිහකට ඕනෑම තැනකට අනුගත වෙන්න. ධනංජි වෙනස් වුණේ විවාහවෙලා විතරයි. එහෙම නැතුව ධනංජිගෙ කලින් තිබුණු දඟකාරකම වගේම වැඩත් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ.

සැමියා කැමැතියද ධනංජිගේ දඟකාරකම්වලට..
ඔහු මාව හොඳින් තේරුම් ගෙන ඉන්නෙ. මම ගැන නොදැන නෙමෙයිනෙ මාව විවාහකර ගත්තේ. අපි දෙන්නගෙම සමාන අදහස් තිබෙනවා. ඔහු පිටට අහිංසකයි, කතාව අඩුයි. නමුත් ඇතුළාන්තය මම වගේ ම දඟකාරයි. අදහස්වලින් අපි හොඳට ගැළපෙනවා.

දෙදෙනා මුණ ගැසුණෙ කොහොමද?..
ඔහු සුදම් දෙව්නක වීරනායක. පෞද්ගලික ආයතනයක රැකියාව කරන ගමන් ව්‍යාපාර කටයුතුවල නිරතවෙනවා. ටෙලිනාට්‍යක් රූගත කළේ සුදම්ගේ ගෙදරට ඉස්සරහ තිබෙන ගෙදර. ඒ දවස්වල අපි යාළුවන් බවට පත්වුණා. ඔහුත් මගේ වයසෙම නිසා අපි හොඳ යහළුවන් විදිහට වසර තුනක් පමණ ඇසුරුකළා. පස්සෙ මට තේරුණා සුදම් වගේ කෙනෙක් මගේ සැමියා ලෙස තෝරා ගැනීම හොඳයි කියා. පෙම්වතුන් වී අපි අවුරුද්දක් විතර ආදරය කළා.

ආදරවන්තයන්ගේ දිනය දා විවාහ වන්න හිතුවේ ඇයි?
ආදරය කරන්න පටන් ගත්තට පස්සෙ විවාහ වෙන්න ඕනෑ වුණා. එනිසා පෙබරවාරි 14දා ආදරවන්තයන්ගේ දිනය මතක හිටින නිසා එදින විවාහ වුණා.

සැමියා රඟපාන්න එපා කීවොත්?
රඟපාන්න එපා කීවොත් මම රංගනයෙන් ඉවත් වෙනවා. නමුත් ඔහු මාව හඳුනා ගත්තේ රංගන ශිල්පිනියක් ලෙස. ඒ නිසා එහෙම කියන එකක් නෑ කියල හිතනවා.

ඔහු රංගනයට ආවොත්..
මම හිතන්නෙ නෑ ඔහු රඟපාන්න එයි කියල. සමහර විට නිරූපණ ශිල්පියෙක් ලෙස කලාවට එන්න පුළුවන්.

මොනවද මේ දවස්වල කරන නිර්මාණ..
සුනිල් පේමරත්න අධ්‍යක්ෂණය කළ ‘වැලි පවුර සිනමා‘ පටය සහ ‘නිහඬ සෙවණැලි‘ චිත්‍රපටයත්, එන්න තියෙනවා.

අනාගත බලාපොරොත්තු..
බලාපොරොත්තු නම් ගොඩක් තියෙනවා. බලමු

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!