Gossip

රංගන ශිල්පී රොෂාන් පිලපිටියගේ බිරිඳ රිද්මා නැවතත් කරළියට – හැමතැනම පැතිරෙන අලුත්ම කතාව මෙන්න – Exclusive

රොෂාන් පිලපිටිය කියන්නේ අපේ රටේ දක්ෂ ප්‍රවීන රංගන ශිල්පියෙක්.
මේ නම අතර දැන් නිතරම අහන්න ලැබෙන නමක් තමයි රිද්මා පිලපිටිය කියන්නේ.
පසුගිය කාලේ ඔවුන් ගැන එක එක කටකතා පැතිරෙන්න පටන් ගත්තා.
ඒ විදිහේ අලුත්ම කටකතාවක් ගැන වෙබ් ගොසිප් අපිට අහන්න ලැබුණා. ඒ තමයි ඇය දැන් රංගනයට වගේම නිෂ්පාදිකාවක් විදිහට අලුත් වැඩක් පටන් ගන්න යනවා කියන ආරංචිය.
මේ ගැන ඇත්ත කතාව අහලා බලන්න වෙබ් ගොසිප් අපි රිද්මා පිලපිටියට කතා කළා.

කොහොමද ජීවිතේ…? සුන්දරව ගෙවීගන යනවද..?
ඔව්.. ඉතාමත් සුන්දරව ගෙවීගන යනවා.

රොෂාන් පිලපිටිය කියන්නේ දක්ෂ ප්‍රවීන රංගන ශිල්පියෙක්.. ඔහුගේ අත ගත්ත රිද්මා පිලපිටිය කියන්නේ කවුද..?
මම සාමාන්‍ය විදිහට හැදුනු ලංකාවේ තරුණියක්..
ඒ වගේමයි ආදරණීය දියණියක්.. දැන් ආදරණීය භාර්යාවක්.. ඉස්සරහට තව දේවල් වෙනවා කියන්න පුළුවන්.. මම හරිම සරලයි.. පොලවේ පය ගහලා ඉන්න කෙනෙක්. හැමෝම එක්ක ආදරෙන් සතුටෙන් හිනාවෙලා ඉන්න කෙනෙක් තමයි රිද්මා පිලපිටිය කියන්නේ.

කතාවක් පැතිරෙනවා දැන් ඔබත් රඟපෑම වගේම නිෂ්පාදන කටයුතුවලටත් සම්බන්ධ වෙලා කියලා.. මොකක්ද මේ කතාව..?
වෙබ් ගොසිප් ඔයාලට ලැබුණු ඒ ආරංචිය හරියටම හරි…

ඇයි එක පාරම රඟපෑම තෝරගත්තේ..?
එක පාරම නෙවෙයි.. මම ඉස්කෝලේ යන කාලේ ඉදන් හැම පැත්තම ඉගෙන ගත්තා.
භාහිර කටයුතු අධ්‍යාපන කටයුතු බැලන්ස් කරගෙන කළා..
මගේ ආසාව තිබ්බෙනම් ලෝයර් කෙනෙක් වෙන්න.. මම උසස් පෙල කළේ වානිජ අංශයෙන්.. මම ප්‍රයිවට් ලෝ කරන්න බලාපොරොත්තු වෙනවා.
විවිධ කටයුතුවලට මට කතා කළා.. විෂුවල්වලට වගේ..
මහා ලොකු කැමැත්තක් තිබුණේ නෑ. මම රොෂාන් අයියව මැරි කළාට පස්සේ ගොඩක් ආරාධනා ලැබුණා..
නාට්‍යවලට කතා කළා. මම ඒ එක්කම රංගන පාඨමාලාවක් හැදෑරුවා. රොෂාන් අයියා කිව්වා ඉගෙනගන තියෙන එක හොදයි..
ගොඩක් ආරාධනා ලැබුණා.. හොද නිර්මාණ බලලා ස්ක්‍රිප්ට් එක බලලා හොදයිනම් ආසා කරන චරිතයක් තියෙනවානම් කරන්න කියලා රොෂාන් අයියා නිදහස දුන්නා.. කලින් ගොඩක් ආරාධනා ලැබුණ හින්දා හොද දෙයක් ඒ අතර තිබුණොත් මිස් වෙයි කියලත් හිතුනා. කොහොම හරි අන්තිමට රංගනය වගේම නිෂ්පාදන වැඩත් කරන්න පටන් ගත්තා.

රොෂාන් එක පාරම කැමැත්ත දුන්නද..?
එයාගේ අකමැත්තක් නෑ.. මට එයා කැමැති දෙයක් කරන්න නිදහස දීලා තියෙනවා.
හැබැයි එයා කියනවා යුතු දේ කිරීම මිස අයුතු දේ කිරීම නෙවෙයි නිදහස කියන්නේ කියලා.
එයා නීති දාන්නේ නෑ.. මම කවුද කියලා එයා දන්නවා.. මොකද එයා ඉන්නවා මට යෝධ හෙවනැල්ලක් වගේ.
මේ ක්ෂේත්‍රෙය්දී රොෂාන් කියන්නේ ප්‍රවීණයෙක්.. මම ආධුනිකයෙක්.. එයා පොඩි කාලෙ ඉදන් රගපෑවා.. ඒ වගේ කෙනෙක් යටතේ ඉන්න එක බයක් නෑ..

මේ ක්ෂේත්‍රය තෝරගන්න හුඟක් අයට හොඳ නමක් ඇති කරගන්නනම් අමාරුයි නේද..?
ඒක මෙහෙමයි… හැම ක්ෂේත්‍රයකම හොද නරක තියෙනවා.. නමුත් කලා ක්ෂේත්‍රය ප්‍රසිද්ධ වැඩියිනේ… වැරදි දේවල් කරන එක හයිලයිට් වෙනවා වැඩියි.
හැම වෘත්තියකම අඩුලුහුඩුකම් තියෙනවා. කොහේ හිටියත් මොන දේ කළත් හරි දේ තෝරගන්න ඕනේ.. හරි වැරැද්ද අපි දැනගන ජීවත්වුණාම හරි..

හිතනවද ඉදිරියේදී හොඳ නමක් තියාගෙන සම්මානයක් ලබාගන්න තැනට යන්න පුළුවන් වෙයි කියලා..?
මෙහෙමයි සම්මාන කියන දේ ගැන මම හිතන්නේ නෑ.. හොද නිර්මාණයක් කළොත් සම්මානයෙක් ලැබෙයිද කියලා දන්නේ නෑ..එහෙම බලාපොරොත්තුවක් නෑ.. නමුත් මම ආස සාමාන්‍ය විදිහට ඉන්න.. අපි කරන නිර්මාණය සාර්ථකයිනම් ඒ දේට දවසක නිසි වටිනාකමක් ලැබේවි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!