Gossip

රංගනය කියන්නේ ගෞරවනීය වෘත්තියක්. මම මේ වෘත්තියට ගොඩක් ආදරය කරනවා – උමයන්ගනා වික්‍රමසිංහ

වේදිකා නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු කරනවා. චාමික හත්ලහවත්තගේ බෝම්බයක් ඉතුරුයි, චාලක රණතුංගගේ මාරක ළිඳේ සවාරියක්, තුන්සිය හැට මේ වගේ වේදිකා නාට්‍ය වලට රංගනයෙන් දායක වෙනවා. ඒ නිසා මම වේදිකා නාට්‍ය වලට වගේම ටෙලිනාට්‍යටත් ගොඩක් කැමැතියි. හැබැයි වේදිකාවෙන් මගේ රංගන ජීවිතයට ලැබෙන පෝෂණය අතිවිශාලයි. වර්ග කරන්න කැමැති නෑ.

වේදිකාවට වැඩියෙන් නැඹුරු වීම කැමරාවක් ඉදිරියේ කරන තාත්ත්වික රංගනයට බාධාවක් වෙන්නේ නැද්ද?
මෙහෙමයි, රංගනය එහෙමත් නැත්නම් රූපණය වේදිකාවේද. ටෙලි නාට්‍ය වලද, සිනමාවේද අදාළ ස්ථානය අනුව වෙනස් වෙන්න පුළුවන්. වේදිකාව කියන්නෙ සජීවි මාධ්‍යයක් නිසා රංගන ශිල්පීන්ට ඒ පිළිබඳව වෙනමම අවධානයක් යොමු කරන්නට සිද්ධ වෙනවා.

දීර්ඝ කාලයක් පුංචි තිරයේ දැක්කත් තාම ඔබේ කැපී පෙනෙන චරිතයක් සිනමාව තුළ දැක්කේ නෑ.
මම දැනට සිනමාපට හතකට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. මම හිතන හැටියට 70-80 දශකයට පසු රූපවාහිනි මාධ්‍යයන්ද දැන් අපෙන් ගිලිහී යනවා. අපි දෙයක් කරනවා නම් ඒ දෙයට සාධාරණයක් ඉටුකරන්න ඕනෙ. රංගනයේදී කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. නිර්මාණ එන තරමටම මම ඒවා භාරගන්නෙ නෑ. ඇත්තෙන්ම හොඳ අධ්‍යක්‍ෂක වරයෙක් යටතේ හොඳ කණ්ඩායමක් යටතේ කරන එක අපි දොගොල්ලටම පහසුයි. මේ දේවල් තමා ඒකට හේතුව.

මෙගා නාට්‍ය වලින් රංගනයට අවතීර්ණ වූ ඔබ දැන් කලාත්මක නිර්මාණ තෝරා ගැනීමක් කරන බව පේනවා. මේ වෙනසට හේතුව?නැහැ. ඇත්තටම මම දැන් මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 17 ක් විතර වෙනවා. මේ වන විට නාට්‍ය විසිපහක තිහක විතර මම රංගනයෙන් දායක වුණා.

උමයංගනා, රංගනයෙන් එහාට මේ ක්‍ෂේත්‍රය තුළ අඩියක් ඉදිරියට කියන්න අදහසක් නැද්ද?
රංගනය තමා මගේ වෘත්තිය ජීවිතය. රංගනය කියන්නේ ගෞරවනීය වෘත්තියක්. මම මේ වෘත්තියට ගොඩක් ආදරය කරනවා. මේ වෘත්තියෙන්ම ඉදිරියට යන එක තමා අරමුණ.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!