Gossip

යොහානි ගේ මීළඟ බලාපොරොත්තුව

යොහානි ද සිල්වා මේ වන විට ජාත්‍යන්තර වේදිකාවද ජයගෙන අවසන්.

ඇය විසින් ගායනා කළ “ප්‍රති නිර්මාණයක් වූ” ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වුණා.

ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් සහ ප්‍රවීණ නිළි මධුරි ඩික්සිත් ද ඊට දායක වුණා.

යොහානි ද සිල්වාගේ ප්‍රථම ඉන්දීය සජීවී සංගීත සංදර්ශනය ද පසුගියදා පැවැත්වුණා.

ඉන්දියාවේ දී ඇය හා සම්මුඛ සාකච්ජාවක් පැවැත්වීමට බී බී සී මාධ්‍යවේදිනියක් සමත් වී තිබුණා.

28 හැවිරිදි යොහානි එහිදී සිය අනාගත බලාපොරොත්තු ගැන පැවසුවේ මෙවැන්නක්, “අපි හිතුවේ නෑ මේ ගීතය වයිරල් වෙයි කියලා. ඒ ගැන සියලුදෙනාට ස්තුතියි.

‘මැණිකේ මගේ හිතේ’ ගීතය මේ වනවිට ද්‍රවිඩ සහ මලයාලම් භාෂා වලින්ද ගායනා කිරීමට ඇය පියවර අරන්.

“ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීමට මට මගේ මිතුරන් උදව් කළා. මම දන්නවා උච්චාරණය 100%ක් හරි නැතුව ඇති. මලයාලම් ගායනයට මට කේරළ ප්‍රාන්තයේ තරුණියක් උදව් කළා. බොහොම ස්තුතියි ඒ සම්බන්ධයෙන්.”

යොහානි එම ගීතය හින්දි භාෂාවෙන්ද ගායනා කිරීමට සැරසෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!