Gossip

මොකක්ද මේ රටට ආයෙමත් වෙන්න යන්නේ..? – මාර්ග යටවෙයි – අධිවේගී මාර්ග යටවෙයි – කලා ඔයේ ජල මට්ටම ඉහළ යයි – සියලු තොරතුරු මෙන්න

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා දොන්ගොඩ පිටවීමේ දොරටු ජලයෙන් යටවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ කලාඔය ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලම-මන්නාරම මාර්ගය පරනෙලුවන්කුලම ප්‍රදේශයෙන් වසා දමා ඇති බව පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ඒ.එම්.ආර් අලහකෝන් මහතා පවසනවා.

මේ හේතුවෙන් පුත්තලම-මන්නාරම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පවතින අධික වර්ශාවත් සමඟ හොරණ, ඉන්ගිරිය, මතුගම, අගලවත්ත, වැලිපැන්න සහ මහනුවර අකුරණ 6 කණුව ප්‍රදේශයේ මාර්ගද ජලයෙන් යටවී ඇති බව අපදා කළමනාකරණ ඒකකය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!