Horoscope

මේ සතිය ඔබව හැඩ කරයිද? නැති කරයිද?

 

මේෂ        

            ජිවන පරිසරය යහපත් වේ
අලූත්වැඩියාවකට හෝ ඉඩකඩකම් මිලදී ගැනීමකට හෝ සිත් යොමු විය හැකිය. ගෘහ ජිවිතය යහපත්ය. පවතින සෞඛ්‍ය තත්ත්වයේ වෙනසක් ඇතිවිය නොහැකිය. සිතන – පතන බොහෝ දේ  ඉටුකර ගැනීමේ අරමුණින්  ආරම්භ  කරන  කාර්යයන්ගෙන් ද  යහපත් ප‍්‍රතිඵල ලබගත හැකි වනු ඇත. රැකී -රක්ෂා ව්‍යාපාර ආදියෙහි ප‍්‍රගතියක් පෙන්නුම් කරයි. සාමූහික කටයුතු වලදී  නායකත්වයත්, ජිවන පරිසරය යහපත් වීම නිසා සහනයෙන් යුතුව කාලය ගෙවීමට හැකිවෙනවා ඇත. දුරබැහැර ගමන් බිමන් ආදියේදී අතුරු අනතුරු ආදියට මුහුණදීමට සිදුවන සැටියක් පෙනේ.
සුබ දිනය    :- අඟහරුවාදා, සිකුරාදා
සුබ වර්ණය    :- රතු
ජය අංකය    :- 9, 6

වෘෂභ    

ජීවනෝපාය  මාර්ගයන්හි  වෙනසක්
පොදු සමාජ  සේවා කටයුතුවලට සහභාගී වීමට සිදුවුවද  එහිදී තමන්ට ලැබිය යුතු තැන නොලැබීමට පිළිවන. උත්සාහයේ පමණට ප‍්‍රතිඵල  ලැබීම අසීරු විය හැකිය. ජීවනෝපාය  මාර්ගයන්හි  වෙනසක් නොපෙනෙයි. අනුන්ගේ  වැරදිවලට තමන්හට  වගකියන්නට  අවස්ථා ඇතිවීමට පිළිවන. ආදායම් වියදම්  සම තත්ත්වයක  පැවතිය හැකිය. ණය මුදලක් පිළිබඳව පැවැති බලාපොරොත්තු පමා වීමට  ඉඩ ඇත.  උරුම හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා ඥාතීන්ගේ  හොඳ හිති  පලූදු වීමට පිළිවන. අධ්‍යාපන  කටයුතුවලට  බාහිර අවහිර ඇතිවීමට ඉඩ තිබේ. හදවත ආශ‍්‍රිත හදිසි ආබාධවලට හේතු ඇතිවිය හැකි නිසා පරෙස්සම් වීම මැනවි.
සුබ දිනය    :-  සිකුරාදා
සුබ වර්ණය    :- රෝස,කොළ
ජය අංකය    :-  6,5

මිථුන

සත්ත්ව පාලන කටයුතුවල යෙදනන්නට යහපත්ය.
විදේශ ගමනක් පිළිබඳව පැවැති බලාපොරොත්තුවක් ඉක්මනින් ඉටුවන ලකුණු දකින්නට ලැබෙනවා ඇත. සත්ත්ව පාලන කටයුතුවල යෙදනන්නට යහපත්ය. අධ්‍යාපන  කටයුතුවල වෙනසකට සිත් යොමු වෙයි. රහසේ පැවති පෙම් සබඳතාවක් හෙළි විය හැකි නිසා වැඩිහිටියන්ගේ දෝෂාරෝපන  එල්ල වීමට පිළිවන. නෑ මිතුරන්ගේ පැමිණීම  නිසා නිවසේ  කාර්ය බහුලතාවයක්  ඇතිවීමට පිළිවන. එහෙත් එමඟින් ලැබිය හැකි කීර්ති ප‍්‍රංශසා හා ආර්ථික  වාසි  පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීම නිසා ලැබිය හැකි වාසි  ප‍්‍රයෝජන  නොලැබෙන සැටියක් පෙනෙයි. රැකී රක්ෂා, ජීවනෝපාය මාර්ගයන්හි වෙනසක් ඇතිවීමට ඉඩක් නැති වුවද එම ස්ථානයන්හි සතුරු කුමන්ත‍්‍රණ ආදිය ඇතිවීමට පිළිවන.
සුබ දිනය    :- බදාදා
සුබ වර්ණය    :- කොළ, කහ
ජය අංකය    :-  5.3

කටක       
රැකී රක්ෂා ව්‍යාපාර ආදිය කෙරෙහි උනන්දුව වැඩිවෙයි.
සිතෙහි සහනයෙන් යුතුව කටයුතු කිරීමේ ධෛර්යය ඇතිවෙයි. කලක් තිස්සේ පැවැති වැදගත් ප‍්‍රමුඛ  අදහස් ඉටුවීමේ පෙරනිමිති පහළ වීම නිසා සතුටුවීමට අවස්ථාවන් ඇතිවිය හැකිය. ඥාතීන්ගේ කටයුතු වෙනුවෙන්  කාලයත්  ධනයත් කැප කිරීමට සිදුවිය හැකි අතර එම කටයුතුවලදී  ප‍්‍රධානත්වය  ගෙන කි‍්‍රයා කිරීමට ද අවස්ථා සැලසෙනු ඇත. ගුප්ත කටයුතු  කෙරෙහි  යොමු විය හැකිය. ඒවා පිළිබඳ අධ්‍යයනය උදෙසා යොමුවීමට ද ඉඩ  ඇති සැටියක් පෙනෙයි. රැකී රක්ෂා ව්‍යාපාර ආදිය කෙරෙහි උනන්දුව වැඩිවෙයි. පෙම් පැතුම් සපුරා ගැනීමට අවස්ථා ඇතිවිය හැකිය. නිවසේ උත්සව  අවස්ථාවකට  හෝ නෑ මිතුරු  හමුවකට හෝ ඉඩ ඇත. ඇසේ හිසේ ආබාධ ඇති විය  හැකි සැටියක් පෙන්නුම් කරයි.
සුබ දිනය    :-  බදාදා, සිකුරාදා
සුබ වර්ණය    :-  සුදු, කී‍්‍රම් පැහැය
ජය අංකය    :- 2, 5,9

සිංහ       

නව ප‍්‍රතිකාර ක‍්‍රම සෙවීමට වාසනාව
උත්සාහයෙන් ඉදිරියට යාමේ ශක්තිය හා බලය ඇතිවෙයි. තම කටයුතු සාර්ථක කරගැනීමට සමාජයේ උසස් පුද්ගලයන්ගේ සහාය ලබාගැනීමට අවස්ථා ඇතිවිය හැකිය. ජන්ම උරුම හිමිකම් පිළිබඳ ප‍්‍රශ්න මතුවීමට ඉඩ තිබේ. ආදායම් වියදම් සම තත්ත්වයකින් පවත්වා ගැනීමට නොහැකිවීම නිසා සමහරවිට  ණයතුරුස් වීමට ද පිළිවන. පෙම් කරන්නන් තුළ ඔවුනොවුන් කෙරෙහි සැක සිත් පහළවීමට කරුණු යෙදේ. ගේදොර  පරිසරයේ විශේෂ වෙනසක්  ඇති නොවනු ඇත. රෝගාබාධ ආදිය සඳහා  නව ප‍්‍රතිකාර ක‍්‍රම සෙවීමට වාසනාව ඇත. රැකී රක්ෂා  බලාපොරොත්තු වන තැනැත්තන් ඒ පිළිබඳව කි‍්‍රයාත්මක වීම සුදුසුය.
සුබ දිනය    :- ඉරිදා, අඟහරුවාදා
සුබ වර්ණය    :- රතු ,තැඹිලි
ජය අංකය    :- 1, 9

කන්‍යා       

වැදගත් උපදේශන
ආර්ථික තත්ත්වය යහපත් වන අතර තැන්පත් ධනයට ද  යම්කිසි පමණකට එකතුවක් කළ හැකි වනු ඇත. පොත්පත් ලිපි කටයුතු ආදියෙහි  යෙදෙන්නන්ට යහපත් ය. මෙතෙක් පැවැති බාධක අවහිර දුරුකර ගනිමින්, තම පැතුම් සාර්ථක කර ගැනීම පිළිබඳ විධිමත් කි‍්‍රයාමාර්ගයන්  අනුගමනය  කිරීමට යොමු වෙයි. මේ උදෙසා විශේෂ හිතවතුන්ගෙන්  වැදගත් උපදේශන හා අනුග‍්‍රාහයක් ලැබෙනු ඇත. සමාජයේ සැලකිල්ලට යොමු වෙයි. මෙතෙක් ප‍්‍රමාද වෙමින් පවතින වැදගත් කටයුතු ප‍්‍රතිසංවිධානය  කිරීමටත්,  ඒ පිළිබඳ තීරණ ගැනීමටත් උත්සාහයක  යෙදෙනු ඇත. තත්ත්වයේ උසස්වීමක් හෝ යහපත් වෙනසක් හෝ වෙනත් යහපත් ජිවන මාර්ගයකට යොමුවීමක් හෝ  සිදුවිය හැකි සැටියක් පෙනෙයි.
සුබ දිනය    :- සිකුරාදා
සුබ වර්ණය    :- කොළ, කහ
ජය අංකය    :-  2, 6

තුලා       

හිතමිතුරු  ඇසුර
වැදගත් බලාපොරොත්තු  කිහිපයක් ඉටුකර ගැනීමට පිළිවන් වනු ඇත. කල්ගත  වෙමින් පවතින කටයුතු සාර්ථක කරගැනීමට  අවස්ථාව උදාවෙයි.  ආගමික කටයුතු වෙනුවෙන් කාලයත් ධනයත් වැය කිරීමට ඉදිරිපත් වෙයි. කලක් අමනාපව සිටි ඥාතීන් සමඟ යළි හොඳ හිත ඇතිකර ගැනීමට හැකිවෙයි. රැකී රක්ෂා ව්‍යාපාර ආදී ස්ථානයන්හි  පරිසරය යහපත් වෙයි.  හිතමිතුරු  ඇසුර තරකර  ගැනීමට අවස්ථා සැලැසෙයි. ආදායම් තත්ත්වය යහපත් වේ. අමතර ආදායම් මාර්ග කෙරෙහි ද හිත යොමු වෙයි. නව පෙම් සබඳතා  ඇති විය හැකිය. යුගදිවි ගෙවන්නන් අතර සාමය – සමගිය  තරවෙයි. ගෘහ ජිවිතය යහපත්ය.
සුබ දිනය    :- ඉරිදා, සඳුඳා
සුබ වර්ණය    :- තැඹිලි, සුදු
ජය අංකය    :- 1, 7

වෘශ්චික   

නිවසේ කලඑළි ස්වභාවය ඇතිවෙයි
ආර්ථික  තත්ත්වය ද යහපත් වෙයි. අමතර ආදායම් මාර්ග තරකර ගැනීම පිළිබඳව සිත් යොමු වෙයි. කළණ මිතුරන්ගේ  ඇසුරට පත්වෙයි. පෙම් සබඳතා ශක්තිමත්  කරගැනීමට අවස්ථා  සැලසිය හැකිය.  මවුපියනට  දූ දරු සෙනෙහස  නොඅඩුව  ලැබෙනු ඇත. තමන්ගේ  අධ්‍යාපන කටයුතු පිළිබඳව වැඩිහිටියන්ගේ  අවධානය  යොමු විය. පවත්නා  අසනීප සඳහා කරනු ලබන ප‍්‍රතිකාර සෑහෙන  පමණ ගුණයක්  දකින්නට ලැබෙනු ඇත. නිවසේ කලඑළි ස්වභාවය  වැඩිවෙයි. වගකීම් බාර ගැනීමට ඉදිරිපත් වී බාරගත් කටයුතු ජයග‍්‍රහණ කරගැනීමත්, එමඟින් අන්‍යයන්ගේ සිත් තමන් වෙත ඇඳ බැඳ ගැනීමේ ශක්තියක් ඇති කර ගනී.  සමාජ සේවා කටයුතු  වලදී  නිසි නායක්තවය හිමිවෙයි.
සුබ දිනය    :- ඉරිදා, අඟහරුවාදා
සුබ වර්ණය    :- රතු, කහ, තැඹිලි
ජය අංකය    :-  3,  9

ධනු       

ආර්ථික  තත්ත්වයේ වෙනසක්
අමතර ආදායම් මාර්ග පිළිබඳව පැවැති බලාපොරොත්තු කඩ විය හැකිය.  රන් රිදී  මුතු මැණික් ආදී කාර්මාන්තයන්හි  නිරත වූවන්හට වාසි සැලසේ.  අධ්‍යාපන  කටයුතුවලට යහපත් ය.  අවිවාහකයන්ට මංගල යෝජනා ඉදිරිපත් වීමට ඉඩ තිබේ.  යුගදිවි  ගෙවන්නන් අතර සුහදතාව  තර වෙයි. යම් යම් දේ පිළිබඳව  පැවැති අවහිර මගහැරෙන  සැටියක් දකින්නට  ලැබෙනවා ඇත.තමන්හට ලැබිය යුතු  නිසි තැන නොලැබීම නිසා සමහර  විට ඇතැම් කටයුතු පිළිබඳව  කලකිරීමක් ඇතිවීමට ඉඩ තිබේ.  ආර්ථික  තත්ත්වයේ වෙනසක් නොපෙන්වයි. පවත්නා රෝගාබාධ සුව වන ලකුණු පහළ වෙනවා ඇත.
සුබ දිනය    :- බ‍්‍රහස්පතින්දා
සුබ වර්ණය    :- තැඹිලි, ලා නිල්
ජය අංකය    :-  1, 6

මකර       

රෝගාබාධා  වැඩිවීමට  ඉඩ ඇත
බොහෝ විට කරන යහපත් කටයුතු වලින් ද අයහපත් ප‍්‍රතිඵල ලැබීමට ඉඩ ඇත. අමතර ආදායම් පිළිබඳව පැවති බලාපොරොත්තු  කඩ විය හැකිය. රැකියා,  ව්‍යාපාර ආදියට සහාය ලැබිය යුත්තන්ගේ  සහාය නිසි පරිදි නොලැබීම  නිසා පාඩු විඳිමට  පිළිවන. විදේශ ගමනක් පිළිබඳව පැවැති බලාපොරොත්තු  ප‍්‍රමාද වන සැටියක් දැක්වෙයි.  සංචාරක ගමන් ආදියේදී කරදර  ඇතිවීමට ඉඩ ඇත.  අසල්වැසි හොඳ හිත  පලූදු වීමට කරුණු යෙදේ. මිතුරකු  පිළිබඳ නරක ආරංචියක්  අසන්නට ලැබෙයි.  නොසැලකිල්ල  නිසා පවත්නා ඇතැම්  රෝගාබාධා  වැඩිවීමට  ඉඩ ඇත.  පෙම් සබඳතා  නිසා සිත් වේදනා ඇතිවීමට  පිළිවන. සෙම් කෝප රෝග බලපෑ හැක.
සුබ දිනය    :-  අඟහරුවාදා, සෙනසුරදා
සුබ වර්ණය    :-  රතු, නිල්
ජය අංකය    :-  9, 6

කුම්භ       

සමාජසේවා  කටයුතු
වෙළඳ  ව්‍යාපාර කරන අයට විශේෂ  ලාභ ප‍්‍රයෝජන  අත් වේ. අධ්‍යාපන  කටයුතුවලට බාධාවක්  පැමිණෙන සැටියක් පෙනෙන්නට නැත. පෙම් කරන්නන් අතර මතභේද ඇතිවීමට පිළිවන. නිවසේ පෙර  පැවැති කල එළි  ස්වභාවය අඩුවීමට හෝ එදිනෙදා කටයුතු අවුල් වීමට  හෝ ඉඩ තිබේ. පවත්නා රෝගාබාධවල වෙනසක් ඇතිවිය නොහැකිය. දුරබැහැර ගමන් යහපත්  නොවේ.  සමාජසේවා  කටයුතු  ආදියට  සම්බන්ධ වීමට  අවස්ථාව සැලසෙන  නමුදු එම කටයුතුවලදී  තමන්හට  හිමි තැන  නොලැබෙන්නට පිළිවන.  ආගමික  භක්තිය  අඩුවිය  හැකි අතර පවිටු මිතුරන්ගේ  ඇසුරට  පත්වීමට ඉඩ තිබේ. රැකී  රක්ෂා ව්‍යාපාර  වෙනසක් නොවිය හැකිය.  ආදායමට වැඩි වියදමක් දැරීමට කරුනු යෙදේ.
සුබ දිනය    :-  සිකුරාදා
සුබ වර්ණය    :-  රතු, කහ
ජය අංකය    :-  2, 7

මීන       

ඇසේ හිසේ අමාරු
සමාජයේ දෝෂාරෝපණවලට  ලක්විය  හැකිය. බොහෝ විට  ආත්මාර්ථකාමී හැඟීම්  අනුව  කි‍්‍රයාකිරීම  නිසාය. එසේ සිදුවන්නේ . මේ සතිය තුළ ඇතැම් බලාපොරොත්තු  ඉටුකර  ගැනීමට නොහැකිවෙයි.   කල්ගත වෙමින්  පවතින යම් යම්  කාර්යයන් තව තවත් ප‍්‍රමාද   වන ලකුණු  දකින්නට ලැබෙනවා ඇත.  රැකී  රක්ෂා ව්‍යාපාර  ආදිය පිළිබඳව උනන්දුව හීන කරවයි.  අමතර ආදායම් මාර්ග කෙරෙහි  පැවැති බලාපොරොත්තු කඩවීමට පිළිවන. අධ්‍යාපන කටයුතුවලට  බාධා  නොපැමිණෙයි.  පෙම් සබඳතාවන්ට වරදක් නැත. අසල්වැසි සබඳතා තරකර ගැනීමට අවස්ථාව නොසැලැසේ. ඇසේ හිසේ අමාරු  ඇතිවීමට පිළිවන.
සුබ දිනය    :- බ‍්‍රහස්පතින්දා, ඉරිදා
සුබ වර්ණය    :-  කහ, රෝස, තැඹිලි
ජය අංකය    :-  1, 4, 9

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!