Gossip News

මේ පාර අපේක්ෂකයන්ට මඩගැහුවොත් වැඩ වරදිනවලු – විස්තරය මෙන්න

ඉදිරියේ පැවැත්වෙන්න නියමිත ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා හරහා මඩ ගැසීම නතර කරන්න පියවර ගන්න ‌මේ පාර ක්‍රියා කරන බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශකර තිබෙනවා.

මඩගැසීම් නතර කරන්න පියවර ගන්න ‌ෆේස්බුක් හිමිකරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයින් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ නීතිඥයින් එක්ක එකතු වෙලා ක්‍රියාමාර්ග ගන්න තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තරුණයෝ සංවිධානය විසින් වයස අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන් සඳහා ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් ඊයේ (12) මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවත්වා තිබුණා. එම උද්ඝෝෂණයේ අරමුණ වෙලා තිබුණේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා 2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් විරෝධතාකරුවන්ට මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවකට අවස්ථාව ලැබුණද එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ‘‘ මැකෝට කිසි දෙයක් දෙන්න පුළුවන් කමක් නෑ. මැකෝ කියන තනතුර මියගිය තනතුරක්. දැන් ඉන්නෙ මැතිවරණ කොමිසමේ සභාපති. ඔබේ ඉල්ලීම් කොමිසමෙන් තමයි කෙරෙන්න ඕන. මොකද ඔයගොල්ලන්ගෙ බැනර් එකේ ඔයගොල්ලන්ට උපදෙස් දීපු කෙනා හරියට ලියලා නෑ. හිට් වෙන එකක් ලියන් එනවා. ඕකෙන් සත පහක ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ ඔය ගොල්ලන්ගෙ අදහසට‘‘ යනුවෙන් කියලා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!