Gossip

මෙහෙමත් මිනිස්සුද අපේ රටේ ඉන්නේ..? මාතර මාරක රිය අනතුරින් තුවාල ලැබූවන් ජීවිතය ඉල්ලා හඬා වැටෙද්දී මිනිස්සු සෙල්ෆි ගහලා

තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට මිරිජ්ජවිල මංසන්ධියේ දී අද උදෑසන 9.30ට පමණ කොළඹ සිට හම්බන්තොට බලා යමින් සිටි බස් රථයක් හම්බන්තොට දෙස සිට පැමිණි ත්‍රීවිල් රථයක ගැටීමෙන් එම අවස්ථාවේ දී ත්‍රීවිල් රථය සහ බස් රථය ගිනි ගෙන ත්‍රීවිල් රථයේ ගමන් ගත් හතර දෙනෙකු පිළිස්සීමෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරට පත් ත්‍රීවිල් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබුණා.

මෙම සිද්ධියෙන් බස්රථයට ද අලාභහානි සිදු වී ඇති අතර බස් රථයේ ගමන්ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.

මෙසේ අනතුරින් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ එකම පවුලේ මව, පියා, සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන අතර ඔවුන් වයස අවුරුදු 1ක හා අවුරුදු 8ක් පමණ වන වයස්වල පසු වන කුඩා දරුවන් දෙදෙනෙක්.

අනතුරට පත් ත්‍රීවිල් රථය හසලක ප්‍රදේශයට අයත් එකක් වන අතර බස් රථයේ රියදුරු පොලීසියට භාර වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හම්බන්තොට පොලීසිය මඟින් සිදු කරනු ලැබේ.

කෙසේ නමුත් සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසින් මෙන්ම අනතුරටපත් අයගේ ජිවිත බේරාගැනීමට කටයුතු කළ අය පවසා සිටියේ මිනිසුන් ගින්නට හසුවී සිටින විටත් එතනට පැමිණි බොහෝ පිරිස් ඔවුන් බේරාගැනීමට කටයුතු නොකර ජංගම දුරකථන මඟින් ඡයාරුප ගනිමින් සිටි බවයි.

එමෙන්ම මෙම අනතුර සිදු වූ මිරිජ්ජවිල නව මාර්ගය සම්බන්ධවන මංසන්දිය තුළ රිය අනතුරු රාශියක් මේ වන තෙක් සිදු වී ඇති බවත් එම නිසා එම ස්ථානයට නිසි වටරවුම් මාර්ගයක් සැකසිය යුතු බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!