Gossip

මුවහත් කරපු කතුරු කොටසෙන් මම බිරියගේ බෙල්ලටයි, බඩටයි, පපුවටයි, ඔළුවටයි ඇන්නා -කොයි වෙලාවේ බැලුවත් එයා හෑන්ඩ්ෆෝන් එක එක්කමයි

ජනප්‍රිය ගායන ශිල්පිණි ප්‍රියානි ජයසිංහ මහත්මිය පසුගියදා සිය සැමියා කළ පහර දීමකින් මියගියා.

සිද්ධියෙන් අනතුරුව අදාළ සැකකරා සැමියා ප්‍ර දේශය අතහැර පළාගොස් තිබුණත් ඔහුව පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා.

කෙසේවෙතත් ප්‍රියානිගේ සැමියා වන ප්‍රභාත් රසික ඊටන් පොලිසිය හමුවේ තමන් කෙරූ අපරාධය ගැන පාපොච්ඡාරණයක් සිදු කර තිබුණා.

‘මම කතුරක කොටසක් තබාගෙන හොඳට මුවහත් කරලා ගෙදර තැනක හංගලා තිබුණා. පසුගිය ඉරිදා (08දා) රාත්‍රි අටට විතර පුතා ගෙදරින් එළියට ගියා. ලේලිය විතරයි ගෙදර සාලේ හිටියේ. ඊට පස්සේ මම මගේ බිරිය හිටපු කාමරයට ගියා. එයා සමඟ තිබුණු කෝපයට අර මුවහත් කරපු කතුරු කොටසෙන් මම බිරියගේ බෙල්ලටයි, බඩටයි, පපුවටයි, ඔළුවටයි ඇන්නා. ඇඳ උඩ එයා වේදනාවෙන් කෑ ගහනවා මම දැක්කා. ඒ වෙලාවේ මට මොනවා වුණාද කියලා දන්නේ නැහැ. පස්සේ මම ගෙදරින් පැනලා ගියා.’

“මට මගේ බිරිය ගැන විශාල සැකයක් තිබුණා. බොහෝ වෙලාවට එයා මම කියන කිසිම දෙයක් ඇහුවේ නැහැ.

ඇතැම් අවස්ථාවල එයා අනුරාධපුරයේ යනවා. එහෙම ගිහිල්ලා දවස් කීපයක් එයා එහි ගත කරනවා. එයාගේ ජංගම දුරකථනයට කොච්චර කෝල් ගත්තත් එයා ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ නිසා එයා ගැන මගේ හිතේ ලොකු සැකයක් තිබුණා.

මගේ බිරිය මට එරෙහිව පානදුර අධිකරණය හමුවේ නඩුවක්ද පවරලා තිබුණා. පසුව අධිකරණය මඟින් මට ගෙදර යෑම තහනම් කරලා නියෝගයක්ද ලබාදීලා තිබුණා. ඒ තහනම පසුගිය මාසයේ ඉවත් වුණා. ඊට පස්සේ මීට දින කීපයකට ඉහතදී මම ගෙදර ගියා. එහෙම ගියාට පස්සේ මම කිව්වා එයාට අපි දෙන්නා සාමදානයෙන් ඉමු කියලා.

එහෙම ඉන්න අතරදී මට එයා ගැන ආයෙත් සැකයක් ඇති වුණා. එයාගේ හැසිරීම් රටාව මට ඇල්ලුවේ නැහැ. කොයි වෙලාවේ බැලුවත් එයා හෑන්ඩ්ෆෝන් එක එක්කමයි හිටියේ. එන හැම කෝල්වලටම එයා කතා කරනවා. මම කතා කළාම එයා මාව ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම එයාව මරන්න තීරණය කළේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!