Gossip

මුලතිව්,මාන්කුලම පනික්කන්කුලමින් ප්‍රාග් මානවයන් භාවිතා කළ ගල් ආයුධ හමුවෙයි – Photos

මුලතිව්,මාන්කුලම පනික්කන්කුලම ඔය අසබඩ ප්‍රදේශයේ තිබි ප්‍රාග් මානවයා භාවිතා කළ ගල් ආයුධ කිහිපයක් හමුවු බව යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ‍මහාචාර්ය පරමු පුෂ්පරත්නම් මහතා අප වෙබ් ගොසිප් වාර්තා කරුට පවසා තිබෙනවා.
පුෂ්පරත්නම් මහතා පැවසුවේ අදාළ ප්‍රදේශ‍යේ පෞරාණික වස්තු පවතින බවට ගම්වැසියන් සිදුකළ දැනුම්දීමක් මත තමා අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණය කළ අතර එහිදි ප්‍රාග් මානවයන් භාවිතා කළ ගල් ආයුධ ඇතුළු පුරාවිද්‍යා නටඹුන් රැසක් හමුවු බවයි.
තම නිගමනයන් අනුව අදාළ ගල් ආයුධ වසර 10000 කට එපිට සමයේ භාවිතා කළ බවට තමන් විශ්වාස කරන බවත්,සොයාගත් ගල් ආයුධ සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් වෙනුවෙන් යොමු කිරීමට නියමිත බවද හෙතෙම පවසා තිබෙනවා.

එලෙසම පනික්කන්කුලම ඔය අසබඩ ප්‍රදේශයේ ඉපැරණි ජනාවාස පැවති බවට ශිලා ස්ථම්භ කොටස් පවතින බවද නිරීක්ෂණය කළ හැකි බවද මහාචාර්යවරයා පවසා තිබෙනවා.
අදාළ ස්ථාන මාන්කුලම ඝන කැළැ ප්‍රදේශයන්ගේ පවතින අතර නටඹුන් හා ගල් ආයුධ හමුවීම සම්බන්ධයෙන් පුරාවිද්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත තොරතුරු වාර්තා කොට ඉදිරියේදී විධිමත් පරීක්ෂා කිරීමක් සිදුකිරීමට නියමිත බවද පුෂ්පරාජ් මහතා සදහන් කරනවා.
පුෂ්පරත්නම් මහතා වැඩිදුරටත් පැවසුවේ ප්‍රාග් මානවයින් උතුරු පළාතේ ගංගාවන් හා ඔයවල් ආශ්‍රිත ප්‍රදේශයේ ජිවත්ව ඇති අතර මන්නාරම මල්වතු ඔය,කනගරායන්කුලම ඔය,නයාරු කලපුව හා වවුනියාව ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රාග් මානව ජනාවාස බහුලව පැවති බව අනාවරණය වන බවයි.
පුෂ්පරත්නම් මහතා යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යායනාංශය භාර ජ්‍යේෂ්ඨ මහාචාර්ය ලෙස කටයුතු කරනු ලබන අතර හෙතෙම උතුරු පළාතේ පුරාවිද්‍ය උරුමය සොයා පරීක්ෂණ රැසක් කළ මහචාර්යවරයෙකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!