Gossip

“මිනිස්සු හිතන්නේ මේක මේ ඉන්න බැරි අමාරුවකට විහින් කරගත්ත දෙයක් කියලයි”

කොල්ලෙක් විදිහට ඉපදිලා පස්සේ සැත්කම් මගින් තරුනියක් බවට පත්වුනු ලිංගික සංක්‍රාන්තිකයෝ ගැන අපිට විදෙස් රටවලින් අහන්න ලැබුනට ලංකාවෙන්නම් වැඩිය අහන්න ලැබෙන් නෑ. ඒත් එහෙම ඒ විදිහට වෙනස්වෙලා විතරක් නෙමේ ලිංගික සංක්‍රාන්ති පුද්ගලයෝ වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙකුත් ලංකාවේ ඉන්නවා. ඒ තමයි භූමි හරේන්ද්‍රන්.
මේ ඇය ගැන තොරතුරු පුවත්පතක සදහන් වූ අයුරුයි.

පුංචි කාලේ හීනය වෙලා තිබුණේ කලාවට සම්බන්ධ වෙන්නද?
මෙහෙමයි… රඟපාන්න මගේ ආසාවක් තිබුණා. මම ඉගෙන ගත්තේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ. පාසැල් වේදිකාවෙන් මම යම් තරමකට රඟපාලා තියෙනවා.
2009 වසරේ පාසල් බස්නාහිර පළාත් පාසල් නාට්‍ය තරගාවලියේ අප පාසලත් නිර්මාණයක් ඉදිරිපත් කළා.
එහිදී අප පාසල තුන්වෙනි ස්ථානයත් මම හොඳම කාන්තා චරිතයට නිර්දේශ වෙලත් තිබුණා.

පාසල් වේදිකාවෙන් පසුව භූමිට ලැබුණු මුල්ම අවස්ථාව “සයපෙති කුසුම චිත්‍රපටයද…?
මම මානවහිමිකම් ක්‍රියාකාරීණියක් විදිහට වාර්තාමය වැඩසටහන් වීඩියෝ පටවලට මම සම්බන්ධවෙලා තියෙනවා.
ඒ හැරෙන්න චිත්‍රපටයක් හැටියට මට ලැබුණු මුල්ම අවස්ථාව තමයි මේක. වාර්තාමය වැඩසටහනකට දායකවෙලා ඉඳිද්දී මෙම චිත්‍රපටය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේත් විසාකේස චන්ද්‍රසේකරම් මහතාමයි. ඔහු මේ චිත්‍රපටයට දායක වෙන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. ඒ අනුව මම ඒක බාරගත්තා.<

ලබපු අත්දැකීම් කොහොමද…?
හරිම සුන්දරයි. පළවෙනි ෂූටිං දවසේනම් මම ටිකක් බය වුණා. එච්චර ලොකු කැමරාවල් ඉදිරියේ චිත්‍රපටයකට දයක වෙන පළවෙනි අවස්ථාව තමයි ඒක.
ඒ නිසා පොඩි තැතිගැනීමක් තිබුණා. ඒ වෙද්දී මම එහි අධ්‍යක්ෂකවරයා විතරයි දැනගෙන හිටියෙත්. සිනමාව මට අලුත් තැනක් වුණා.
ඒ හැමදෙයක්ම මට අලුත් දේවල් වුණා. හැබැයි එක දෙයක් කියන්නම ඕනේ. මේ රෑගත කිරීම් කරන කොයිම වෙලාවකදීමත් මම සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක් කියලා ඒ කවුරැවත් මාව කොන්කළේ නැහැ. ඒ චිත්‍රපටයේ නළු නිළියන්, කාර්මිකශිල්පීන්, තාක්ෂණික ශිල්පීන් ඇතුළු හැමෝම හරිම හොඳයි.
මම තවමත් ඒ ටීම්එකට ඒ විදිහටම ආදරෙයි. ඒ හැමදෙනාම හරිම ෂෝක්. ඒ කණ්ඩායමම එක්ක කතාබහ කරන්න. වැඩකරන්න ආයෙමත් මම බලාගෙන ඉන්නවා.

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක් විදිහට සම්මාන තුනක් ලබපු එකම කෙනා භූමි නේද…?
ඔව්… එහෙම තමයි. ඇත්තටම ඒ ගැන තනි පුද්ගලයෙක් විදිහට ආඩම්බර වෙනවාට වැඩිය සමස්ත සංක්‍රාන්ති සමාජවාදි පුද්ගලයෝ කියන කණ්ඩායමේ ඉඳලා මම අද ආඩම්බර වෙනවා. සංක්‍රාන්ති සමාජවාදී කාන්තාවක් හැටියට ලංකාව වගේ රටක එහෙම සම්මානයක් ලැබීමම ලොකු අනන්‍යතාවයක් වගේම ලොකු හඳුනාගැනීමක් විදිහටයි මම නම් දකින්නේ.
මෙච්චර කාලයක් සංක්‍රාන්ති සමාජවාදී පුද්ගලයින්ට සිනමා නිර්මාණවල විකට චරිතවලට තමයි ගත්තේ.
ඒ අයව මිනිස්සුන්ව සිනහා ගස්සවන්න විතරමයි ගන්නේ. නමුත් සංක්‍රාන්ති සමාජවාදී පුද්ගලයින්ට “සයපෙති කුසුම* සහ “මායා චිත්‍රපට හරහා වැදගත් තැනක් ලබලා දුන්නා.
මේ නිසා මේ සම්මානය ලැබීම ඒ හැමෝම වෙනුවෙන් විශාල ජයග්‍රහණයක් විදිහටයි මම දකින්නේ. ඇත්තටම කිව්වොත් මම කවදාවත් සම්මානයක් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් මේ ලැබුණු සම්මාන පිළිබඳව අද මම ගොඩාක් සතුටු වෙනවා. “සයපෙති කුසුම චිත්‍රපටයෙන් පසුව චිත්‍රපට කිහිපයකටම මට ආරාධනා ලැබුණා. නමුත් ඒවාත් හැම චරිතයක්ම විකට චරිතයි. ඒ නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා.
මෑතකදී චිත්‍රපටයක ආරාධනා ලැබිලා මම එහි මුණුරත් උළෙලටත් සහභාගී වුණා.
නමුත් තවමත් ඒ චිත්‍රපටය රූගත කිරීම් කරන්න මට තවම කතා කළේනම් නැහැ.

මේ දවස්වල භූමි ගොඩාක් කාර්යබහුල වෙලා…?
ඔව්… මේ දවස්වල රජය සහ ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංවිධානය හාඑක්ව එච්.අයි.වී. නිවාරණ වැඩසටහනක් කරගෙන යනවා. ඒකත් එක්ක මේ දවස්වල කාර්යබහුලයි. හැබැයි මම ඒ කාර්යබහුලත්වයට කැමතියි.

සංක්‍රාන්ති ලිංගික පරිවර්තන කෙනෙකු හැටියට මේ සමාජයේ කොන්වීමක් වෙලා තියෙනවාද…?
ඔව්… අනිවාර්යයෙන්ම. ඒක මම දකින්නේ මිනිසුන්ගේ නොදැනුවත්කමටයි හා විවිධත්වය පිළිගැනීමට තියෙන අකමැතිකම නිසයි කියලයි.
සමාජ රාමුවකට හැදිලා වැඩිලා ඒ අනුව ගොඩනැගිලා තියෙන මේ සමාජ ක්‍රමයේ අර “වෙනස කියන දේ මිනිස්සු පිළිගන්න කැමති නැහැ.
මිනිස්සු හිතන්නේ මේක මානසික රෝගයක් හෝ මේ ඉන්න බැරි අමාරුවකට විහින් කරගත්ත දෙයක් කියලයි. නමුත් ඒ තුළ යථාර්ථයක්, සැබෑ තත්ත්වය දකින්න මිනිස්සු තවමත් සූදානම් නැහැ. අලුත් දේවල්වලට විවෘත වෙන්න තරම් ලංකාවේ බහුතරයක් තවමත් පරිණත වෙලා නැහැ. තවමත් බොහෝ මිනිස්සු ජීවත් වෙන්නේ “දූපත් මානසිකත්වයකිනුයි ඉතින් උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් ආයේ නින්ද යනතුරුම සංක්‍රාන්ති සමාජවාදී පුද්ගලයින්ට වෙනස්කොට සැලකීම් මේ සමාජයේ තියනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!