Gossip

මිනිස්සු අසරණ වෙලා ඉද්දි බොරදියේ මාළු බාන්න හදපු කප්රුක මුදලාලි

ඇඳිරි නීතිය පවතින කාලයේ ඔන්ලයින් ක්‍රමයට වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ කප්රුක නමැති මධ්‍යස්ථානයක් පාරිභෝගික පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික අධිකාරිය එක්ව ඊයේ (25 වැනිදා) වැටලා තිබෙනවා.

කොළඹ කිරුලපන ප්‍රදේශයේ මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත. ටින් කළ මාළු රු. 550 කටද, පරිප්පු කිලෝ ග්‍රෑමයක් රු. 300 කටද, බී ලූනු කිලෝ ග්‍රෑමයක් රු. 500 කටද, අර්තාපල් කිලෝග්‍රෑමයක් රු. 500 කටද මෙම මධ්‍යස්ථානයෙන් අලෙවි කර ඇති බවයි හෙළි වුණේ.

මෙම මධ්‍යස්ථානයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පාරිභෝගික ජනතාවගෙන් අයකරගත් වැඩිපුර මුදල යළි ලබා දීමටද නියමිත මිලට භාණ්ඩ අලෙවි කිරීමටද එම ආයතනය පොරොන්දු වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!